Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක‍්‍රීඩකයන්ට - පරිපාලකයන්ට සාම විනිසුරු පදවි

ක‍්‍රීඩකයන්ට - පරිපාලකයන්ට සාම විනිසුරු පදවි

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ප‍්‍රවීණ ක‍්‍රීඩකයන්ට සහ ක‍්‍රීඩා පරිපාලකයන්ට මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පදවි පිරිනැමීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා තීරණය කර ඇතැයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යංශය කියා සිටී.

මෙම වැඩසටහන යටතේ, ජාතික ක‍්‍රීඩා සංගම්වල නිර්දේශය පරිදි, එක ක‍්‍රීඩා සංගමයකින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පස් දෙනකු ඇතුළත් වන පරිදි ජාතික ක‍්‍රීඩා සංගම් 52 සඳහා සාම විනිසුරු පදවි 260 ක් පිරිනැමීමට නියමිතය.

ජාත්‍යන්තර ක‍්‍රීඩා තරග නියෝජනය කරමින් රටට කීර්තියක් ගෙන දුන් ප‍්‍රවීණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ගෞරවයක් වශයෙන් මෙම සාම විනිසුරු පදවි පිරිනමන බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

මේ පිළිබඳව වැඩි විස්තර 0773063554 හෝ 0112452290 යන දුරකථවලට ඇමතීමෙන් ලබාගත හැකිය.

 


 - 048


අදහස් (0)

ක‍්‍රීඩකයන්ට - පරිපාලකයන්ට සාම විනිසුරු පදවි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.