සංචාරක එංගලන්ත පිලට එරෙහිව පැවැත්වෙන පුහුණු එක්දින තරග දෙකට සහභාගිවීම සදහා නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා කැදවා තිබේ. ජාතික කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කරමින් සිටි ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරු කුසල් පෙරේරා සහ හිටපු උප නායක දිනේෂ් චන්දිමාල්ද මෙම සංචිතටය ඇතුළත්ව සිටිති.
කෞෂාල් සිල්වා මෙම සංචිතටය කැදවීම පිළිබදව කළ විමසුමකදී ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටු නිලධාරියකු පැවසුවේ කෞෂාල් ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරු ලෙස පසුගිය කාලය පුරාම ලකුණු අතර සිටි බැවින් එක්දින පිලේ අවස්ථාවක් ලබාදීමට පසුබිම සකස් කළ බවයි.
”උපුල් තරංගට අවස්ථාව දුන්නත් ඔහු අඛණ්ඩව සාර්ථක වුණේ නෑ. ඕවර 25 ක් 30 ක් කඩුල්ලේ රැදී සිටින ආරම්භක පිතිකරුවකු අපිට අවශ්‍යව තිබෙනවා. එය කෞෂාල්ට කරන්න හැකියාව තිබෙන බවට අපි විශ්වාස කරනවා”
”කුසල් ජනිත්ව අපි අතහැරලා නෑ. ඔහුට තවත් අවස්ථාවක් දී තිබෙනවා. නමුත් මේ අවස්ථාවේ අත්දැකීම් ඇති ආරම්භක පිතිකරුවකුගේ සේවය අවශ්‍ය වී තිබෙනවා” යැයිද තේරීම් කමිටු නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
කෞෂාල් සිල්වා ‘ඒ’ පිල නියෝජනය කරමින් පසුගිය කාලයේ එක්දින තරගවලට සහභාගි වූ අතර එහිදී ඔහු දස්කම් දැක්වීමට සමත්වූ ක‍්‍රීඩකයෙකි. දකුණත් පිතිකරු වන 28 හැවිරිදි කෞෂාල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා සිට මේ දක්වා ටෙස්ට් තරග 11 කදී ශතකයක් සහ අර්ධ ශතක 6 ක් සමගින් ලකුණු 870 ක් රැස්කිරීමට සමත්ව සිටියි. එහෙත් කෞෂාල් මේ දක්වා එක්දින තරග වලට සහභාගි වී නැත.
එංගලන්ත පිලේ පළමු පුහුණු තරගය මේ මස 21 වැනිදා එස්.එස්.සී. ක‍්‍රීඩංගණයේදී ද, දෙවැනි පුහුණු තරගය 23 වැනිදා පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී ද, පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ මස 26 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
ශ‍්‍රී ලංකා ‘ඒ’ සංචිතය:
අෂාන් ප‍්‍රියංජන් (නායක), කෞෂාල් සිල්වා, කුසල් ජනිත්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, තිළිණ කණ්ඩම්බි, කිත්රුවන් විතානගේ, ජීවන් මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, ලක්‍ෂාන් රංගික, රමිත් රඹුක්වැල්ල, ළහිරු ගමගේ, දුෂ්මන්ත චමීර, විශ්ව ප‍්‍රනාන්දු සහ නිසල තාරක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.