Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝෆ් බෝල් තරගාවලිය 1 වැනිදා කොළඹදී

කෝෆ් බෝල් තරගාවලිය 1 වැනිදා කොළඹදී

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කෝෆ් බෝල් සංගමය පෞද්ගලික සහ රාජ්‍ය අංශ සඳහා සංවිධානය කරන කෝෆ් බෝල් තරගාවලියක් ලබන දෙසැම්බර් මස 1 වැනිදා පෙරවරු 7.30 සිට කොළඹ බී. ආර්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගකාරී උද්වේගකර මානසිකත්වයකින් මිදී ‘සෞඛ්‍ය සහ විනෝදාස්වාදය උදෙසා ක්‍රීඩාව’ යන තේමාව අරමුණු කරගෙන මෙම තරගාවලිය සංවිධානය කෙරේ. ඒ සඳහා ඕනෑම පෞද්ලික හෝ රාජ්‍ය ආයතනවලට අයත් කණ්ඩායම්වලට සහභාගි විය හැකිය.

නෙදර්ලන්තයෙන් බිහිවූ කෝෆ් බෝල් ක්‍රීඩාව වසර 100 ක ඉතිහාසයකට හිමිකම් කියන අතර මේ වන විට රටවල් 70 ක් ජාත්‍යන්තර කෝෆ් බෝල් සංගමයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ. මෙම ක්‍රීඩාවේ විශේෂත්වය වන්නේ පිරිමි සහ ගැහැණු දෙපාර්ශවයම එක්ව ක්‍රීඩා කරන ලොව එකම කණ්ඩායම් ක්‍රීඩා ඉසව්ව වීමයි.

077 3928219 (පුෂ්පකුමාර මධුරප්පෙරම මහතා) හෝ 071 2138189 (ශෂිරංග සඳගිරි මහතා) යන දුරකථන අංක හෝ korfballsrilanka.org  යන විද්‍යුත් ලිපිනය ඔස්සේ තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.


- 036

 


අදහස් (0)

කෝෆ් බෝල් තරගාවලිය 1 වැනිදා කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.