Last Update  :  2025-12-19 12:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝල්ට්ස් පිලේ අවිෂ්කගෙන් ද්විත්ව ශතකයක්

කෝල්ට්ස් පිලේ අවිෂ්කගෙන් ද්විත්ව ශතකයක්

editorial - 2022 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේදී කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ අවිෂ්ක පෙරේරා සමත් විය. 

කෝල්ට්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ ආරධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කෝල්ට්ස් කණ්ඩායම අවිෂ්කගේ ද්විත්ව ශතකය හේතුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 506 ක් ලබාගත්තේය. 

පන්දු 287 කට මුහුණදුන් අවිෂ්ක, හයේ පහර 3 ක් සහ හතරේ පහර 20 ක් සමග සිය ඉනිම සැරසුවේය. එහිදී සිය ප්‍රහාරාත්මක වේගය 82.23 ක පවත්වා ගැනීමටද ඔහු සමත් විය. කෝල්ට්ස් ඉනිමේ සිවුවැනි කඩුලල ලෙස අවිෂ්ක දැවී ගියේ නිසල ආකාෂ්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි. 

හෂාන් දුමිඳු (130) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 284 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අවිෂ්ක, ඉන් නොනැවතී රවිඳු රෂාන්ත (69) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 117 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. 

පළමු ඉනිමේදී ලකුණු 70 කට දැවී ගිය කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට දෙවැනි ඉනිමේදී ලබාගත හැකි වූයේද ලකුණු 96 ක් පමණි. ඒ අනුව මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 340 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කෝල්ට්ස් කණ්ඩායම සමත් විය. 

කොල්ට්ස් පළමු ඉනිම - කඩුලු 4 කට 506 
(අවිෂ්ක පෙරේරා 236, හෂාන් දුමිඳු 130, රවිඳු රසාන්ත නොදැවී 69, විෂාද් රන්දික නොදැවී 31, නිසල ආකාෂ් 103/2) 

කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 70 
(චානක විජේසිංහ 10, සළිඳු පතිරණ 10 මෙහොමඩ් ශිරාෂ් 25/5, අකිල ධනංජය 11/3) 

කැන්ඩි කස්ටම්ස් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 96 
(පරාස් ශර්මා 10, විෂ්ව විජේරත්න 22, සිද්ධාර්ත් චිට්නිස් 24, සලිඳු පතිරණ 10, අකිල ධනංජය 23/4, චමෝද් බට්ටගේ 07/2, ධනංජය ලක්ෂාන් 33/2) 

 


අදහස් (0)

කෝල්ට්ස් පිලේ අවිෂ්කගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.