Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ ලකුණු 112 ක් පසුපසින්

කොළඹ ලකුණු 112 ක් පසුපසින්

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය දෙවැනි දිනට (22 වැනිදා) අවසන් කරන විට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටි කොළඹ කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 37 ක් රැස්කර සිටියේය.

ශෙහාන් ජයසූරිය ලකුණු 24 ක් සහ කෞෂාල් සිල්වා ලකුණු 9 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
පළමු දිනයට තරගය අවසන් කරනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 73 ක් රැස්කර සිටි දඹුල්ල කණ්ඩායම අද දිනයේදී සියලුදෙනා දැවී ලකුණු 359 ක් රැස්කර ගත්තේය.

ලකුණු 88 කට කඩුලු 4 ක් දැවී තිබියදී පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි මනෝජ් සරත්චන්ද්‍ර පන්දු 181 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 103 ක් රැස්කරමින් දඹුල්ල කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේය.

ඊයේ (21 වැනිදා) තරගය නතර කරනවිට ලකුණු 13 ක් රැස්කරමින් කඩුල්ලේ රැඳී සිටි කුසල් ජනිත් ශතකය ආසන්නයට පැමිණියද ලකුණු 15 ක් මෙපිටින් දැවී යාම නිසා ශතකය අහිමිවි ගියේය. පන්දු 91 කට මුහුණදුන් කුසල් ජනිත් දැවීයන විට හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සිය ඉනිමට එක්කර ගෙන සිටියේය.

පස්වැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 91 ක සම්බන්ධතාවය කුසල් ජනිත්ගේ දැවීයාමත් සමගින් අවසන්විය.

දිලේෂ් ගුණරත්න කඩුලු 4 ක් දවාගත් අතර ශෙහාන් ජයසූරිය, තීක්ෂිල ද සිල්වා සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

 


කොළඹ කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 64.2 කදී සියලුදෙනා දැවී ලකුණු 210
(ශෙහාන් ජයසූරිය 23, වනිඳු හසරංග 52, ලසිත් අබේරත්න 85, ළහිරු මදුශංක 43/5, අසිත ප්‍රනාන්දු 46/2)

දඔුල්ල කණ්ඩායම - පළමු ඉනිම - ඕවර84.2 කදී සියලුදෙනා දැවී ලකුණු 359
(කුසල් මෙන්ඩිස් 24, කුසල් ජනිත් 85, මනෝජ් සරත්චන්ද්‍ර 103, සචිත්‍ර සේනානායක 31, ජෙෆ්රි වැන්ඩසේ 40, දිලේෂ් ගුණරත්න 68/4, ශෙහාන් ජයසූරිය 30/2, තීක්ෂිල ද සිල්වා 57/2, ලක්ෂාන් සඳකැන් 77/2)

කොළඹ කණ්ඩායම - දෙවැනි ඉනිම - ඕවර 7.5 කදී කිසිවකු නොදැවී ලකුණු 37
(ශෙහාන් ජයසූරිය නොදැවී 24)

 


අදහස් (0)

කොළඹ ලකුණු 112 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.