Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් පූර්ව වටයේ තරගයකදී ජයගත් කොළඹ රාජකීය විදුහල අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (22 වැනිදා) සමත්විය.
කොටහේන ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්විය.
මෙම තරගය ඕවර 40 කට සීමාවූ අතර රෙසිඳු තිලකරත්න (69) සහ අෂේයින් මලීෂ (53) අර්ධ ශතක රැස්කරමින් කොළඹ රාජකීය විදුහල වෙනුවෙනු පිත්තෙන් දස්කම් දැක්වූ අතර චමෝද් සංජය (82) අර්ධ ශතකයක් රැස්කරමින් හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීය.
රාජකීය විදුහල - ඕවර 40 කදී කඩුලු 8 ක් දැවී 219
(රෙසිඳු තිලකරත්න 69, අෂේයින් මලීෂ 53, නිසඳු සඳුන් 25, කෞෂාන් වීරසිංහ 30/3)
රාජසිංහ ම.ම.වි - ඕවර 36.4 කදී සියලුදෙනා දැවී 174
(චමෝද් සංජය 82, උදාර ජයතිලක 39, සදීශ රාජපක්ෂ 37/3, චනිඳු දෙව්හාන් 25/2, භුවනෙක කප්පගොඩ 30/2, උතුම් සත්සර 36/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.