මෙම තරගාවලියේදී කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වයස 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ සහ 18 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වෙන අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල ලෙස තරග පැවැත්වේ.
එහිදී ප්‍රවීණ තරගකරුවන් සඳහා වයස 35 න් ඉහළ, 45 න් ඉහළ, 55 න් ඉහළ සහ 65 න් ඉහළ යන වයස් කාණ්ඩ යටතේ කේවල සහ සහ යුගල තරග පැවැත්වෙන අතර රෝද පුටු අංශය සඳහා ද කේවල සහ සහ යුගල තරග පැවැත්වේ.
කනිෂ්ඨ අංශයේ තරග වලදී එක් ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට සහභාගි විය හැකි උපරිම ඉසව් සංඛ්‍යාව 3 ක් බවත්, ඉන් එක් ඉසව්වක් අනිවාර්යෙන්ම යුගල ඉසව්වක් විය යුතු බවත් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
අන්තර් ජාතික ටෙනිස් සම්මේලනයේ සුදුසුකම් ලත් නිලධාරීන් වන ධාරක එල්ලාවල මහතා සහ අංජන ද සිල්වා මහතා පිළිවෙලින් තරගාවලියේ ප්‍රධාන තරග තීරකවරයා ලෙසත්, ප්‍රධාන විනිසුරුවරයා ලෙසත් කටයුතු කරති.
විෂන් කෙයාර් සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන අතර පෙරේරා සහ පුත්‍රයෝ සමාගමත්, රල්හුම් ට්‍රේඩිං පුද්ගලික සමාගමත් එහි සෙසු අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි.
තරගාවලිය සඳහා අයැදුම්පත් භාරගැනීම මේ මස 19 වැනිදායින් අවසන් වන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම 22 වැනිදාද, තරග සැකැස්ම සඳහා කුසපත් ඇදීම 23 වැනිදාද ටෙනිස් සංගම් මූලස්ථානයේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.