Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොල්කටා පිල පියවරක් ඉදිරියට

කොල්කටා පිල පියවරක් ඉදිරියට

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) කොල්කටා නයිට්රට්ඩර්ස් පිල සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් කී‍්‍රඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 30 ක පහසු ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට්රට්ඩර්ස් පිල සමත්විය.

මෙම පරාජයත් සමග බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිලට තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ අවසන් වටයට පිවිසීමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 196 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිලට නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක්  දැවී ලබාගත හැකිවූයේ ලකුණු 165 ක් පමණි.

බැංගලෝර් පිලේ වැඩිම ලකුණු ලාභියා වූ යොගේෂ් තකවාලේ පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 45 ක් රැස්කළේය.

ලකුණු 20 කට කඩුලූ 4 ක් දවාගත් සුනිල් නරේන්, බැංගලෝර් පිලේ පිතිකරු බළඇණිය සුනුවිසුණු කර දැමුවේය.

කාසියේ වාසිය දිනූ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිලේ නායක විරාට් කෝලිගේ ආරාධනයෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රට්ඩර්ස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 195 ක් ලබාගත්තේය.

මෙවර තරගාවලියේදී තම ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව (නොදැවී 83) රැස්කළ රොබින් උත්තාපා ඊට හයේ පහරක් සහ හතරේ පහර 10 ක් අන්තර්ගත කළේය. ඔහුගේ වේගවත් ඉනිමට පන්දු 51 ක් වැය විය.

ශකීබ් අල් හසන් (60) සමග එක්වූ උත්තාපා කොල්කටා පිලේ සිව්වැනි කඩුල්ලට පන්දු 70 කදී ලකුණු 121 ක් එක් කළේය. පන්දු 36 කින් වාර්තා වූ ශකීබ් අල් හසන්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

කොල්කටා නයිට්රටිඩර්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 4 කට 195
(රොබින් උත්තාපා නොදැවී 83, මනීෂ් පාණ්ඬේ 13, යූසෆ් පතන් 22, ශකීබ් අල් හසන් 60)
 
බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 5 කට 165
(යොගේෂ් තකවාලේ 45, විරාට් කෝලි 38, යුවරාජ් සිං 22, ඒ. බි. ඩිවිලියස් 13, සුනිල් නරේන් 20/4)  

-036

 

 


අදහස් (0)

කොල්කටා පිල පියවරක් ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.