Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොල්කටා පිලට ලකුණු 2 ක තියුණු ජයක්

කොල්කටා පිලට ලකුණු 2 ක තියුණු ජයක්

ශනුක අරවින්ද - 2014 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි. පී. එල්.) කි‍්‍රකට් තරගාවලියේ කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල අතර සාජා ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් ලබාගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹාගිය බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිලට ඕවර නියමිත 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 148 ක් පමණි.

තරගය ජය ගැනීම සඳහා බැංග්ලෝර් පිලට අවසන්  ඕවරය තුළදී ලකුණු 9 ක් රැස්කිරීමට නියමිතව තිබුණද, එහි 4 වැනි පන්දුවට ඒ. බී. ඩිවිලියස් එල්ලකළ හයේ පහරකට ඉතා ආසන්න පහරක් විශිෂ්ඨ උඩපන්දුවක් බවට පරිවර්ථනය කරගත් කොල්කටා පිලේ කි‍්‍රස් ලයන් තම කණ්ඩායම පරාජයෙන් ගලවාගත්තේය.

බැංග්ලෝර් පිලේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට පාර්තිව් පටේල් (21) සහ යෝගේෂ් තකවාලේ සමත්වූහ. පන්දු 28 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුනු 40 ක් ලබා සිටි යෝගේෂ් තකවාලේ දවාගැනීමට විනේ කුමාර් සමත්වීමත් සමග එම සම්බන්ධතාව බිඳවැටිණ.

කාසියේ වාසිය දිනූ බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිලේ නායක විරාට් කෝලි පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා කොල්කටා නයිට්රයිඩර්ස් පිලට ආරාධනා කළ අතර නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 150 ක් ලබාගැනීමට ඔවුහු සමත්වූහ.

නැවතත් වරක් අසාර්ථක වූ කොල්කටා පිලේ නායක ගෞතම් ගම්භීර්, මිචෙල් ස්ටාර්ක්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරද හසුවී ලකුණු නොළබා දැවී ගියේය. මෙම තරගාවලියේදී ඔහු සහභාගීවූ තරග තුනේදීම ලකුණු ලබාගැනීමට පෙර දැවීයාමද කැපී පෙනන සිදුවීමකි.

කි‍්‍රස් ලයන් (45) සහ ජැක් කලිස් (43) එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු පන්දු 61 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. පන්දු 31 ක් තුළ වාර්තාවූ කි‍්‍රස් ලයන්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන් අද දිනයේදී බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිලට කී‍්‍රඩා කිරන අතර ඔහු යැවූ  ඕවර 2 කදී ලකුණු 25 ක් ඩැහැගැනීමට කි‍්‍රස් ලයන් සහ ජැක් කලිස් සමත්විය.

කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 7 කට 150
(ජැක් කලිස් 43, කි‍්‍රස් ලයන් 45, රොබින් උක්තාපා 22, සූර්යකුමාර් යාදව් නොදැවී 24, වරුන් ඒරන් 16/3, මිචෙල් ස්ටාර්ක් 33/2)

බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල - ඕවර 10 කදී කඩුලූ 2 කට 77
(පාර්තිව් පටේල් 21, යෝගේෂ් තකවාලේ 40, විරාට් කෝලි 31, යුවරාජ් සිං 31, විනේ කුමාර් 26/2)

-036

 


අදහස් (0)

කොල්කටා පිලට ලකුණු 2 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.