තායිවානයේදී පැවැත්වෙන ආසියානු බේස්බෝල් ශූරතාවලියේ අද (2 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 18-0 ක ජයක් අත්කර ගැනීමට කොරියාව සමත් විය.
මේ වන විට ලෝක බේස්බෝල් ශ්‍රේණිගත කිරීම්හි 3 වැනි ස්ථානයේ පසුවන කොරියාව, අවසන් වරට පැවැති (2015 වසරේදී) ආසියානු බේස්බෝල් ශූරතාවලියේ ශූරතාව දිනාගත් කණ්ඩායමද වේ.
අද පැවැති තරගය ඉනිම් 5 කට සීමා වූ අතර ප්‍රබල කොරියානු කණ්ඩායම හමුවේ එක් ලකුණක් හෝ රැස්කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අසමත් වූහ. නවතම ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 52 වැනි ස්ථානයයි.
‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (3 වැනිදා) පිලිපීන කණ්ඩායමට එරෙහිවද, අනිද්දා (4 වැනිදා) චීන තායිපේ කණ්ඩායමට එරෙහිවද තරග වැදීමට නියමිතය.
‘ඒ’ කාණ්ඩය යටතේ අද පැවැති තවත් තරගයකදී ලකුණු 12-2 ක් ලෙස පිලිපීනය පරාජය කිරීමට චීන තායිපේ කණ්ඩායම සමත් වූ අතර ‘බී’ කාණ්ඩය යටතේ අද පැවැති තරගයකදී හොං කොං කණ්ඩායමට එරෙහිව ලකුණු 30-0 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ජපානය සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.