Last Update  :  2025-12-24 13:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොමිලා වික්ටෝරියන්ස් පිලට කඩුලු 6 ක ජයක්

කොමිලා වික්ටෝරියන්ස් පිලට කඩුලු 6 ක ජයක්

Nisanka Sandeepani - 2017 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ චිතගොංග් වයිකින්ස් කණ්ඩායම සහ කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම අතර ඩකාහිදී ඊයේ (14 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 140 ක ඉලක්කයක් හඹා ගිය කොමිලා වික්ටෝරියන්ස් ක්‍රීඩකයෝ පන්දු 11 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 8 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 17 ක් රැස්කළ මාලන් සැමුවෙල්ස් වික්ටෝරියන්ස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඉම්රුල් කේයස් (45) සහ ජොස් බට්ලර් (44) වික්ටෝරියන්ස් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 36 කදී වාර්තා වූ කේයස්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 31 කදී වාර්තා වූ බට්ලර්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය. 

චිතගොංග් වයිකින්ස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ සුන්සමුල් ඉස්ලාම් සහ ඩිල්ෂාන් මුණවීර කඩුලු 2 බැගින් දවාගත්තද, සිය කණ්ඩායම පරාජයෙන් ගළවාගැනීමට ඔවුහු අපොහොසත් වූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් චිතගොංග් වයිකින්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිතර වූ ලුක් රොන්කි පන්දු 19 කදී ලකුණු 31 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි. 

වයිකින්ස් ඉනිම ගොඩනැගීම සඳහා රොන්කිට අනගි සහායක් දුන් සෞම්‍ය සාකර් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 30 ක්ද, ඩිල්ෂාන් මුණවීර හයේ පහරක් සමගින් ලකුණු 19 ක්ද රැස්කළහ. 

චිතගොංග් වයිකින්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 139  
(ලුක් රොන්කි 31, සෞම්‍ය සාකර් 30, ඩිල්ෂාන් මුණවීර 19, සිකන්දර් රාසා 20, මිස්බා උල් හක් නොදැවී 16, ක්‍රිස් ජෝර්දාන් නොදැවී 16) 

කොමිලා වික්ටෝරියන්ස් පිල - ඕවර 18.1 කදී කඩුලු 4 කට 140 
(ලිටන් දාස් 21, ඉම්රුල් කේයස් 45, ජොස් බට්ලර් 44, මාලන් සැමුවෙල්ස් නොදැවී 17, සුන්සමුල් ඉස්ලාම් 14/2, ඩිල්ෂාන් මුණවීර 17/2) 

-036 


අදහස් (0)

කොමිලා වික්ටෝරියන්ස් පිලට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.