වෙළෙද සේවා කි‍්‍රකට් සංගමය සංවිධානය කරන වෙළෙද සේවා කි‍්‍රකට් තරගාවලියේ මාස් ඇක්ටිව් පිල සහ කොමාර්ෂල් ක්‍රෙඩිට් පිල අතර පැවැති තරගයෙන් කඩුලූ 7 ක පහසු ජයක් අත්කර ගැනීමට කොමාර්ෂල් ක්‍රෙඩිට් පිල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹාගිය කොමාර්ෂල් ක්‍රෙඩිට් පිල ඕවර 30.5 ක් අවසානයේ කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
එහිදී දක්ෂ පිතිහරඹහයක නිරතවූ ආරම්භක පිතිකරු ශෙහාන් ජයසූරිය නොදැවී ලකුණු 56 ක් රැුස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.
කාසියේ වාසිය දිනූ කොමාර්ෂල් ක්‍රෙඩිට් පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මාස් ඇක්ටිව් පිලට ඕවර 35.1 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 126 ක් පමණි.
එහිදී ලකුණු 31 කට කඩුලූ 3 ක් දවාගත් ළහිරු ගමගේ කොමාර්ෂල් ක්‍රෙඩිට් පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්විය.
මාස් ඇක්ටිව් පිල - ඕවර 35.1 කදී සියලූ දෙනා දැවී 126
(ධනංජය ද සිල්වා 26, ඇන්ජලෝ පෙරේරා 25, ළහිරු ගමගේ 31/3, චතුරංග ද සිල්වා 14/2, චමින්ද විදානපතිරණ 25/2)
කොමාර්ෂල් ක්‍රෙඩිට් පිල - ඕවර 30.5 කදී කඩුලූ 3 ක් දැවී 126
(ශෙහාන් ජයසූරිය නොදැවී 56, සඳුන් වීරක්කොඩි 27, ඉසුරු උදාන 14/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.