Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොදෙව් වි:20 සංචිතයට බ්‍රිට්නි කූපර් කැඳවයි

කොදෙව් වි:20 සංචිතයට බ්‍රිට්නි කූපර් කැඳවයි

Nisanka Sandeepani - 2017 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩිකාවන් 13 දෙනෙකුගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට බ්‍රිට්නි කූපර් කැඳවීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 

නිමාවට පත්වූ එක්දින තරගාවලියට සහභාගි වූ කොදෙව් සංචිතයේ සිටි ක්‍රීඩිකාවන් අතරින් රෙනීස් බෝයිස් පමණක් විස්සයි20 සංචිතයට ඇතුළතව නොමැති අතර බ්‍රිට්නි කූපර් කැඳවා ඇත්තේ බෝයිස්ගේ හිඩැස පිරවීම සඳහාය. 

විසි අට හැවිරිදි කූපර් මේ වන විට එක්දින තරග 37 කදී අර්ධ ශතකයක් සමග ලකුණු 396 ක්ද, විස්සයි20 තරග 49 කදී අර්ධ ශතකයක් සමග ලකුණු 379 ක්ද රැස්කිරීමට සමත්ව සිටින්නීය. 

මෙම තරගාවලියේදී කොදෙව් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හැන්ඩි ස්ප්‍රිංගර් මහතාද, කළමනාකාරිණිය ලෙස එයුගිනා ග්‍රේග් මහත්මියද කටයුතු කරනු ඇත. 

දෙරට අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය මේ මස 19 වැනිදා ආරම්භ වන අතර දෙවැනි තරගය 21 වැනිදාද, තෙවැනි තරගය 22 වැනිදාද පැවැත්වීමට නියමිතය. මෙම තරග තුනම ඇන්ටිගුවාහි ස්ටැන්ෆෝඞ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය - 
ස්ටැෆනි ටේලර් (නායිකා), ඇනීසා මොහොමඞ් (උප නායිකා), මෙරිසා ඇගුයිලෙයිරා, බ්‍රිට්නි
  කූපර්, ශමීලියා කොනෙල්, ඩීන්ඩ්‍රා ඩොටින්, ආෆි ෆ්ලෙචර්, කයිශෝනා නයිට්, කයිසියා නයිට්, හේලි මැතිව්ස්, චෙඩීන් නේෂන්, අකීරා පීටර්ස් සහ ශකිරී සල්මාන් 

-036 


අදහස් (0)

කොදෙව් වි:20 සංචිතයට බ්‍රිට්නි කූපර් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.