Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොදෙව් පිල තරගාවලිය සම කරයි

කොදෙව් පිල තරගාවලිය සම කරයි

දිලිනි මල්රුක්ෂි - 2015 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මෙහෙයවන 2017 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා කාන්තා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ (18) පැවැති දෙවැනි තරගයෙන් කොදෙව් ක‍්‍රීඩිකාවෝ ලකුණු 18 ක ජයක් (ඩක්වත් ලූවිස් න්‍යායට) ලැබීය.

කොදෙව් පිල ලැබූ මෙම ජයග‍්‍රහණයත් සමඟ තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්විය.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය අත්හිටුවන විට ශ්‍රී ලංකා පිල  ඕවර 40.2 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 170 ක් ලබා ලකුණු 39 ක් පසු පසින් සිටියේය.

ශ්‍රීපාලි වීරක්කොඩි 39 වැනි  ඕවරයේ අවසන් පන්දුවට ඉදිරියට පැන පහරක් ගැසීමට යෑමෙන් කඩුල්ල පූජා කිරීමෙන් ශ්‍රී ලංකාවට ජයග‍්‍රහණය අහිමිවී ගියේය. එම  ඕවරයේ පස්වැනි පන්දුව වන විට තරගය සම තත්ත්වයේ තිබූ අතර ශ්‍රීපාලි එම පන්දුවට ලකුණක් ලබා ගත්තේ නම් ශ්‍රී ලංකාවට ඉදිරියට පැමිණීමේ අවස්ථාව තිබුණි.

යොවුන් ක‍්‍රීඩිකා නිපුනි හංසිකා පන්දු 71 කදී හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කිරීමට සමත් වූවාය. මෙය 20 හැවිරිදි හංසිකාගේ පළමු එක්දින අර්ධ ශතකයයි.    

ශ්‍රී ලංකා ඉනිමේ 25 වැනි  ඕවරයේදී වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා ඩක්වත් ලූවිස් න්‍යායට අනුව  ඕවර 46 කදී ලකුණු 209 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය.

පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිල  ඕවර 50 යේදී කඩුලූ 3 ක් දැවී ලකුණු 215 ක් රැස් කළේය.

ස්ටෙෆෙනි ටේලර් (නොදැවී 86) සහ ඩිනේන්ද්‍රා ඩොටි (නොදැවී 69) තෙවැනි කඩුල්ලට ලකුණු 151 ක නොබිදුණු සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 215 ක් දක්වා රැගෙන ඒමට සමත් වූහ.

ස්ටෙෆෙනි ටේලර් පන්දු 112 කදී හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 86 ක් රැස් කළාය.

ඩිනේන්ද්‍රා ඩොටි වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 72 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 69 ක් රැස්කිරීමට සමත් වූවාය.

වමතින් පා දඟ පන්දු යවන සුගන්දිකා කුමාර ලකුණු 48 කට කඩුලූ තුනක් දවා ගැනීමට සමත් වූවාය.

දෙපිල අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය මේ මස 20 වැනිදා ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වේ.  

ලකුණු පුවරුව
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල
කීසියා නයිට් - ස්ටම්ප් ප‍්‍රසාදිනී ප. කුමාරි    34
හේලි මැතිව්ස් - ප. කුමාරි    22
ස්ටෙෆෙනි ටේලර් - නොදැවී     86
මිරීසා අගුලෙයිරා - ඇ. ප‍්‍රසාදිනී ප. කුමාරි    0
ඩිනේන්ද්‍රා ඩොටි - නොදැවී     69
අතිරේක    4
එකතුව  ඕවර 50 යේදී කඩුලූ 3 ක් දැවී     215

පන්දුවට පහර නොදුන් පිතිකාරියෝ:
ශිමෙනි කැම්බල්, ස්ටැසි ඈන් කිං, අනීෂා මොහොමඞ්, ට‍්‍රමයිනි ස්මාර්ට්, ඇෆ්යි ෆ්ලෙචර්, බි‍්‍රඞ්නි කූපර්

කඩුලූ වැටීම:
1-49(හේලි මැතිව්ස්), 2-64(කීසියා), 3-64(අගුලෙයිරා)

පන්දු යැවීම:
ශ්‍රීපාලි වීරක්කොඩි: 6-0-24-0, ඒෂානි ලොකුසූරිය: 7-0-21-0, ශෂිකලා සිරිවර්ධන: 10-0-50-0, සුගන්දිකා කුමාරි: 10-0-48-3, මධුරි සමුදිකා: 10-0-36-0, ඉනෝකා රණවීර: 7-1-36-0

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල
චමරි අතපත්තු - ඇ. ඩොටි ප. මොහොමඞ්     25
ප‍්‍රසාදිනී වීරක්කොඩි - දුවද්දී දැවී ගියා      7
යශෝධා මෙන්ඩිස් - ඇ. මොහොමඞ් ප. ෆ්ලෙචර්    16
ශෂිකලා සිරිවර්ධන - ඇ. ස්මාර්ට් ප. මැතිව්ස්    25
නිපුනි හංසිකා - නොදැවී     50
ඒෂානි ලොකුසූරිය - ඇ. කැම්බල් ප. ටේලර්     8
ඩිලානි මනෝදර - ප. ෆ්ලෙචර්    16
ශ්‍රීපාලි වීරක්කොඩි - ස්ටම්ප් අගුලෙයිරා ප. මොහොමඞ්     13
මධුරි සමුදිකා - දුවද්දී දැවී ගියා     1
සුගන්දිකා කුමාරි - නොදැවී     0
අතිරේක     21
එකතුව  ඕවර 40.2 කදී කඩුලූ 8 ක් දැවී     170

පන්දුවට පහර නොදුන් පිතිකාරියෝ:
ඉනෝකා රණවීර

කඩුලූ වැටීම:
1-35(ප‍්‍රසාදිනී), 2-57(මෙන්ඩිස්), 3-58(අතපත්තු), 4-86(සිරිවර්ධන), 5-99(ලොකුසූරිය), 6-140(මනෝදර), 7-166(ශ්‍රීපාලි), 8-169(සමුදිකා)

පන්දු යැවීම:
ට‍්‍රමයිනි ස්මාර්ට්: 5-0-26-0, ස්ටැසි ඈන් කිං: 3-0-17-0, අනීෂා මොහොමඞ්: 9-1-30-2, ස්ටෙෆෙනි ටේලර්: 8-0-39-1, ඇෆ්යි ෆ්ලෙචර්: 9-0-25-2, හේලි මැතිව්ස්: 6.2-0-26-1


අදහස් (0)

කොදෙව් පිල තරගාවලිය සම කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.