Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොදෙව් පිල පළමු එක්දින තරගය ජයගනී

කොදෙව් පිල පළමු එක්දින තරගය ජයගනී

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයට එරෙහිව ඇන්ටිගුවාහි, ශී‍්‍රමත් විවියන් රිචඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවති පළමු එක්දින ජ්‍යාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 15 ක තියුණු ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්විය. ලකුණු 270 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තය පිලට නියමිත  ඕවර 50 අවසානයේ කඩුලූ 6 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 254 ක් පමණි.

එංගලන්ත පිලේ වැඩිම ලකුණු ලාභියාවූ මයිකල් ලම්බ් පන්දු 117 කදී ලකුණු 106 ක් රැස්කළ අතර ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත්විය. එම ඉනිමත් සමග ඔහු, තම මංගල තරග එක්දින තරගයේදී ශතකයක් රැස්කළ දෙවැනි එංගලන්ත පිතිකරුවා ලෙස වාර්තා පොත් අතරට එක්විය. මින් පෙර එංගලන්තය වෙනුවෙන් එවන් දස්කමක් කළ එකම පිතිකරුවා වූයේ 172 දී පැවැති ලොව පළමු එක්දින තරගයේදී ශතකයක් ලබාගත් ඩෙනිස් ඒමිස්ය.

පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් ඞ්වේන් බ‍්‍රවෝ පන්දු 91 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 87 ක් රැස්කරමින් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.

එහිදී ලෙන්ඞ්ල් සිමන්ස් (65) සමග එක්ව එක්ව 5 වැනි කඩුල්ලට පන්දු 145 කදී ලකුණු 108 ක් එක්කළ බ‍්‍රවෝ, ඩැරන් සැමී (61) සමග එක්ව 6 වැනි කඩුල්ල කඩුල්ලට පන්දු 61 කදී වේගවත් ලකුණු 116 ක් එක්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

පන්දු 36 කදී වේගවත් ලකුණු 61 ක් රැස්කළ ඩැරන් සැමී, ඊට හතරේ පහර 5 ක් සහ දැවැන්ත හයේ පහර 4 ක් අන්තර්ගත කළේය. ටිම් බ්‍රෙස්නන් ලකුණු 68 කට බටහිර ඉන්දීය කොදෙව් පිලේ කඩුලූ 3 ක් දවාගෙන පන්දුවෙන් දස්කම් දැක්වීය.


බටහිර ඉන්දීය කොදෙව් පිල -  ඕවර 50 කදී කඩුලූ 6 කට 269
(ඞ්වේන් ස්මිත් 24, ලෙන්ඞ්ල් සිමන්ස් 65, ඞ්වේන් බ‍්‍රවෝ 87, ඩැරන් සැමී 61, ටිම් බ්‍රෙස්නන් 68/3)

එංගලන්තය -  ඕවර 50 කදී කඩුලූ 6 කට 254
(මයිකල් ලම්බ් 106, මොයින් අලි 44, ජෝ රූට් 37, රවී බොපාරා 23, සුනිල් නරේන් 36/2)

 

- 036

 


අදහස් (0)

කොදෙව් පිල පළමු එක්දින තරගය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.