අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මෙහෙයවන 2017 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා කාන්තා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ (20) පැවැති තරගයෙන් ලකුණු 31 ක ජයක් ලැබූ කොදෙව් ක‍්‍රීඩිකාවෝ තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීමට සමත් වූහ.
කොදෙව් පිල ශ්‍රේණිගත කිරීමේ ප‍්‍රසාද ලකුණු 2 ක් හිමිවූ අතර ශ‍්‍රී ලංකාවට ප‍්‍රසාද ලකුණු එකතු නොවීය.
ලකුණු 157 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ‍්‍රී ලකා පිල ඕවර 45.2 කදී ලකුණු 125 කට සීමා විය.
ඒෂානි ලොකුසූරිය පන්දු 50 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 30 ක් රැස්කළ අතර ඇය දුවද්දී දැවී නොගියේ නම් තරගයේ ප‍්‍රතිඵලය වෙනස්වීමට ඉඩ තිබුණි.
ඉනෝකා රණවීර (17/4) සහ ශ‍්‍රීපාලි වීරක්කොඩි (37/3) විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පළමුව පන්දුවට පහර දුන් කොදෙව් ඉනිම ලකුණු 156 කට සීමා කිරීමට සමත් වූහ.
බි‍්‍රට්නි කූපර් පන්දු 65 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 46 ක් රැස් කිරීමට සමත් වූවාය.
කොදෙව් නායිකා මිරීසා අගුලෙයිරා කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළාය.
දෙපිල අතර තරග තුනකින් යුත් විස්සයි 20 ක‍්‍රිකට් තරගාවලිය මේ මස 23 වැනිදා ආරම්භ වේ.
ලකුණු පුවරුව
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල
කීසියා නයිට් - ඇ. සමුදිකා ප. ශ‍්‍රීපාලි 8
හේලි මැතිව්ස් - ඇ. ප‍්‍රසාදිනී ප. ශ්‍රීපාලි 24
ස්ටෙෆෙනි ටේලර් - ඇ. ප‍්‍රසාදිනී ප. ලොකුසූරිය 8
ඩිනේන්ද්‍රා ඩොටි - ඇ. ප‍්‍රසාදිනී ප. ශ‍්‍රීපාලි 13
බි‍්‍රට්නි කූපර් - ඇ. සහ ප. රණවීර 46
මිරීසා අගුලෙයිරා - ප. සමුදිකා 12
ශිමෙනි කැම්බල් - ඇ. රණවීර ප. සිරිවර්ධන 5
ස්ටැසි ඈන් කිං - ක. මූ. කළා ප. රණවීර 2
අනීෂා මොහොමඞ් - ක. මූ. කළා ප. රණවීර 8
ට‍්‍රමයිනි ස්මාර්ට් - ඇ. අතපත්තු ප. කුමාරි 9
ඇෆ්යි ෆ්ලෙචර් - නොදැවී 8
අතිරේක 13
එකතුව ඕවර 47.3 කදී සියලූ දෙනා දැවී 156
කඩුලූ වැටීම:
1-16(කීසියා), 2-44(ටේලර්), 3-44(හේලි මැතිව්ස්), 4-61(ඩොටි), 5-82( අගුලෙයිර), 6-104(කැම්බල්), 7-122(කිං), 8-127(කූපර්), 9-135(මොහොමඞ්), 10-56(ස්මාර්ට්)
පන්දු යැවීම:
ශ්‍රීපාලි වීරක්කොඩි: 7-0-37-3, ඒෂානි ලොකුසූරිය: 6-1-30-1, මධුරි සමුදිකා: 9-0-20-1, සුගන්දිකා කුමාරි: 5.3-0-21-1, ඉනෝකා රණවීර: 10-4-17-3, ශෂිකලා සිරිවර්ධන: 10-2-29-1
ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල
චමරි අතපත්තු - ප. ටේලර් 2
ප‍්‍රසාදිනී වීරක්කොඩි - ඇ. අගුලෙයිරා ප. ස්මාර්ට් 10
යශෝධා මෙන්ඩිස් - ක. මූ. කළා ප. ස්මාර්ට් 13
නිපුනි හංසිකා - ඇ. කූපර් ප. මොහොමඞ් 21
ශෂිකලා සිරිවර්ධන - ඇ. කිං ප. ෆ්ලෙචර් 16
ඒෂානි ලොකුසූරිය - දුවද්දී දැවී ගියා 30
ශ‍්‍රීපාලි වීරක්කොඩි - ඇ. කැම්බල් ප. මොහොමඞ් 4
ස`දුනි අබේවික‍්‍රම - ප. මැතිව්ස් 8
මධුරි සමුදිකා - ඇ. ෆ්ලෙචර් ප. මැතිව්ස් 1
සුගන්දිකා කුමාරි - ඇ. කීසියා ප. මැතිව්ස් 3
ඉනෝකා රණවීර - නොදැවී 1
අතිරේක 16
එකතුව ඕවර 45.2 කදී සියලූ දෙනා දැවී 125
කඩුලූ වැටීම:
1-8(අතපත්තු), 2-26(මෙන්ඩිස), 3-34(ප‍්‍රසාදිනී), 4-67(සිරිවර්ධන), 5-76(හංසිකා), 6-92(ශ‍්‍රීපාලි),7-115(ලොකුසූරිය), 8-116(සමුදිකා), 9-120(අබේවික‍්‍රම*, 10-125(කුමාරි)
පන්දු යැවීම:
ට‍්‍රමයිනි ස්මාර්ට්: 10-1-28-2, ස්ටෙෆෙනි ටේලර්: 9-0-25-1, අනීෂා මොහොමඞ්: 10-1-23-2, හේලි මැතිව්ස්: 3.2-1-7-3, ස්ටැසි ඈන් කිං: 5-1-11-0, ඇෆ්යි ෆ්ලෙචර්: 8-0-26-1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.