Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෙවිටෙන් මුහුණට ගැහුවා යයි පැමිණිල්ලක්

කෙවිටෙන් මුහුණට ගැහුවා යයි පැමිණිල්ලක්

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නුවර එළිය තුරඟ තරගාවලි මාලාවේ තෙවැනි අදියරේ ප්‍රධානතම තරගය වූ ‘මැජික් මිලියන් කුසලාන’ තරගය අතරතුරදී ‘මෙහෙරාන්’ මත සිටි ඉම්රාන් ඛාන්, අශ්වයාට පහරදෙන කෙවිටෙන් තමාගේ මුහුණට පහරක් ගැසූ බව පවසමින් ඇල්කසබාගේ අසරුවා වූ අනීල් කොල්තූර් තරග තීරක වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.


ඉතා තියුණු තරගයකින් අනතුරුව උක්ත තරගය ජයගැනීමට ඉම්රාන් ඛාන් සමත් වූ අතර අනීල් කොල්තූර් එහි දෙවැනි ස්ථානයට පත් විය.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ‘ලංකාදීප’ කළ විමසුමකදී අනීල් කොල්තූර් කියා සිටියේ තරගයේ අවසන් මීටර් 150 තුළදී ඉම්රාන් ඛාන් සහ තමා ඉතාමත් ආසන්නයේ ගමන් කළ බවත්, එම අවස්ථාවේදී ඉම්රාන් ඛාන් සිය කෙවිටෙන් තමාගේ මුහුණට පහරක් ගැසීම නිසා තමාට නිසි අකාරව තරගයේ යෙදීමට නොහැකි වූ බවත්ය.

කෙසේ වුවත් තරගයේ වීඩියෝ දර්ශන උපයෝගී කරගෙන ඒ මොහොතේදීම කොල්තූර්ගේ පැමිණිල්ල විභාග කළ තරග තීරක වරයා, තරගය අතරතුරදී එවැනි පහරදීමක් සිදුවී නැති බවට නිගමනය කරමින් ඉම්රාන් ඛාන්ට තරගයේ ජය පිරිනැමීය.

 

 

(ඡායාරූපය - ශානුක අරවින්ද)


අදහස් (0)

කෙවිටෙන් මුහුණට ගැහුවා යයි පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.