Last Update  :  2026-05-20 19:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කුසලාන මේසයම අම්බලන්ගොඩ ධර්මාශෝකයට
දකුණු පළාත් පාසල් මේස පන්දු ශූරතාවලිය

කුසලාන මේසයම අම්බලන්ගොඩ ධර්මාශෝකයට

editorial - 2026 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කොට අම්බලන්ගොඩ කන්දෙගොඩ එස්.ආර්.ගෘහස්ථ මේස පන්දු ක්‍රීඩාංගණයේ පැවති දකුණු පළාත් පාසල් මේසපන්දු කණ්ඩායම් ශූරතාවලියේදී පැවති තරග ඉසව් හයෙන් පහකම ශූරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය දිනා ගත්තේය. වයස 20න් පහළ 18 න් පහළ සහ 16 න් පහළ බාලක, බාලික කණ්ඩායම් ලෙස  තරග ඉසව්  හයක් යටතේ  මේ තරගාවලිය පැවැත්විණ.

එම තරගාවලියේදී වයස 20 න් පහළ බාලිකා කණ්ඩායම් ශූරතාවය හැර අනෙක් කණ්ඩායම් ශූරතාවයන් වන වයස 20න් පහළ 18  න් පහළ වයස 16 න් පහළ බාලක කණ්ඩායම් ශූරතා ත්‍රිත්වය සහ වයස 18 න් පහළ 16 න් පහළ බාලිකා කණ්ඩායම් දෙක ඇතුළුව බාලක,බාලික කණ්ඩායම් පහකම ශූරතාවය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසින් දිනා ගන්නා ලදි.

වයස 20න් පහළ බාලිකා කණ්ඩායම් ශූරතාවය අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යලය දිනා ගත්තේය.

වයස 20න් පහළ සහ 18න් පහළ බාලක කණ්ඩායම් අනු ශූරතා ද්විත්වයම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය දිනාගත් අතර වයස 16 න් පහළ බාලක ,බාලිකා කණ්ඩායම්  අනු  ශූරතාව  ද්විත්වයම අම්බලන්ගොඩ  පී.ද.එස්.කුලරත්න විද්‍යාලය දිනා ගත්තේය.

වයස 20 න් පහළ බාලිකා අනු ශූරතාවය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යලය විසින්ද වයස 18න් පහළ බාලිකා අනු ශූරතව ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලය විසින් ද දිනා ගන්නා ලදි.

 

*තරග ප්‍රතිපල මෙසේය:-

*වයස 20න් පහළ බාලක කණ්ඩායම්  තරගය

1.ධර්මාශෝක විද්‍යාලය -අම්බලන්ගොඩ.

2.රිච්මන්ඩ් විද්‍යාලය -ගාල්ල.

 

*වයස 18 න් පහළ බාලක කණ්ඩායම් තරගය:-

1.ධර්මාශෝක විද්‍යාලය -අම්බලන්ගොඩ

2.රිච්මන්ඩ් විද්‍යාලය -ගාල්ල.

 

*වයස 16න් පහළ බාලක කණ්ඩායම් තරගය

1.ධර්මාශෝක විද්‍යලය -අම්බලන්ගොඩ.

2.පී.ද.එස්.කුලරත්න විද්‍යාලය-අම්බලන්ගොඩ.

 

*වයස 20 න් පහළ බාලිකා කණ්ඩායම් තරගය

1.දේවානන්ද විද්‍යාලය-අම්බලන්ගොඩ.

2.ධර්මාශෝක විද්‍යාලය -අම්බලන්ගොඩ.

 

*වයස 18 න් පහළ බාලිකා කණ්ඩායම් තරගය

1.ධර්මාශෝක විද්‍යාලය -අම්බලන්ගොඩ

2.සවුත්ලන්ඩ්ස් විද්‍යාලය-ගාල්ල

 

 *වයස 16 න් පහළ බාලිකා කණ්ඩායම් තරගය

1.ධර්මාශෝක විද්‍යාලය-අම්බලන්ගොඩ

2.පී.ද.එස්.කුලරත්න විද්‍යාලය-අම්බලන්ගොඩ.

 

වයස 20 න්18 න් හා 16 න් පහළ බාලක කණ්ඩායම් ශූරතා ත්‍රිත්වයම දිනගත් ධර්මාශෝක විදුහල් බාලක කණ්ඩායම් .

වයස 18න් පහළ 16න් පහළ බාලිකා කණ්ඩායම් ශූරතාව දිනූ සහ වයස 20න් පහළ බාලිකා කණ්ඩායම් අනු ශූරතාව දිනූ ධර්මාශෝක විදුහල් බාලිකා කණ්ඩායම්.


අදහස් (0)

කුසලාන මේසයම අම්බලන්ගොඩ ධර්මාශෝකයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.