Last Update  :  2025-12-24 13:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කුල්නා ටයිටන්ස් කඩුලු 5 ක ජයක් ලබයි

කුල්නා ටයිටන්ස් කඩුලු 5 ක ජයක් ලබයි

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ චිතගොංග් වයිකින්ස් කණ්ඩායම සහ කුල්නා ටයිටන්ස් කණ්ඩායම අතර ඩකාහිදී අද (18 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට කුල්නා ටයිටන්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹා ගිය කුල්නා ටයිටන්ස් පිතිකරුවෝ පන්දු 10 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිතර වූ මහමදුල්ලා පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 48 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.  

අරිෆුල් හක් (34) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මහමදුල්ලා කුල්නා කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. පන්දු 24 කදී වාර්තා වූ අරිෆුල් හක්ගේ ඉනිමට හයේ පහර 3 ක් ඇතුළත් විය.

ආරම්භක පිතිකරු මයිකල් ක්ලිංගර් ලකුණකට දැවී ගියද, පන්දු 26 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 49 ක් රැස්කරමින් කුල්නා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට රිලී රූසොව් සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් චිතගොංග් වයිකින්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ එනමුල් හක් පන්දු 47 කදී ලකුණු 62 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. සෞම්‍ය සාකර් (32) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද එනමුල් හක් සමත් විය.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් 29 කදී ලකුණු 50 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ නජිබුල්ලා සද්රාන් (24) සහ ස්ටේන් වැන්සිල් (නොදැවී 23) චිතගොංග් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. පන්දු 16 කදී වාර්තා වූ සද්රාන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහරක් ඇතුලත් වූ අතර පන්දු 15 කදී වාර්තා වූ වැන්සිල්ගේ ඉනිමට හයේ පහර 2 ක් ඇතුළත් විය.


චිතගොංග් වයිකින්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 160  
(සෞම්‍ය සාකර් 32, එනමුල් හක් 62, නජිබුල්ලා සද්රාන් 24, ස්ටේන් වැන්සිල් නොදැවී 23, අබු ජයේද් 26/3)

කුල්නා ටයිටන්ස් පිල - ඕවර 18.2 කදී කඩුලු 5 කට 164
(රිලී රූසොව් 49, මහමදුල්ලා නොදැවී 48, අරිෆුල් හක් 34)

- 036

 


අදහස් (0)

කුල්නා ටයිටන්ස් කඩුලු 5 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.