Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹදී අද (22) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ද තමන්ට නිල වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලා ඇති බව පැවසීය.
“අපි එම ඉල්ලීම පිළිබඳවත් සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා” යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ලෝක එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගත් එකම පන්දු යවන්නා වන දකුණතින් වේග පන්දු යවන කුලසේකර එක්දින තරග 184 කදී කඩුලු 199 ක් දවාගෙන තිබේ.
කෙසේ වෙතත් කුලසේකරට 2017 වසරෙන් පසුව ශ්‍රී ලංකා එක්දින පිලේ ස්ථානයක් හිමිනොවීය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.