Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කී‍්‍රඩා වෛද්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් දේශපාලන පත්වීමක්

කී‍්‍රඩා වෛද්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් දේශපාලන පත්වීමක්

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කී‍්‍රඩා වෛද්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට සුදුසුකම් නොමැති දේශපාලන පත්වීමක් කර ඇතැයි එම ආයතනයේ වෛද්‍ය නිලධාරී ලාල් ඒකනායක මහතා චෝදනා කරයි.

ඒ පිළිබඳව අදහස් දැකිවූ ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පසුගිව වසරේ නොවැම්බර් මස සිට විශ‍්‍රාම ගිය පසු ඒ සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරු  රැසක් සිටිද්දී සුදුසුකම් නොමැති දේශපාලන පත්වීමක් කර ඇති බවයි.


වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,

මේ සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාව දැනුම්වත් කළත් ඔහුට ඉහළින් පැමිණි නියෝගයක් නිසා ගතහැකි පියවරක් නෑ කියල ඔහු පවසනවා. එම නිසා අපි ඊයේ සිට කී‍්‍රඩා වෛද්‍ය ආයතනයේ සේවය නොකිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයකාට යොමු වීදට තීරණය කළා. එ් වගේම මේ සම්බන්ධව ඉදිරියේදීත් විසඳුමක් නොලැබුණොත් අපි වැඩ වර්ජනයකට පවා යොමුවීමට සූදානමින් ඉන්නවා. අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ අපි අතරම සිටින කෙනෙක් හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් මේ තනතුර සහා පත්කරන ලෙස යැයි ඒ මහතා පැවසීය.

 


අදහස් (0)

කී‍්‍රඩා වෛද්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් දේශපාලන පත්වීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.