Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කී‍්‍රඩා පනතට අනුව නිලවරණ පැවැත්වෙයි

කී‍්‍රඩා පනතට අනුව නිලවරණ පැවැත්වෙයි

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොතරම් බලපෑම් හා පීඩන එල්ල වුණත් කී‍්‍රඩා පනතේ නව සංශෝධන අනුව තමන් කටයුතු කරන බවත් අදාල සංශෝධනය පිළිබදව නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව සියලූ කී‍්‍රඩා සංගම් සම්මේලනවල නිලවරණ පවත්වන බව ක‍්‍රීඩා හා සංචාරක අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය .

කී‍්‍රඩා පනතේ සංශෝධනයට අනුව නිලවරණ සදහා ප‍්‍රධාන නිලතලවලට තරග වදින්නන් සියලූදෙනාට මීට පෙර එවැනි නිලයක හෝ වරින් වර වසර 04 ක් සේවය කර ඇත්නම් නැවත වරක් ප‍්‍රධාන නිලයකට තරග වැදීමට නොහැකි වනු ඇත.

මෙම සේවා කාලයට අතුරු කමිටු සේවා කාලයත් බලපානු ඇත්දැයි ක‍්‍රීඩා ඇමැතිවරයාගෙන් කරන ලද විමසීමකදී ඔහු පැවසූවේ (Elected Body) හෙවත් තෝරා පත්කරගත් සංගමයක් නිසා අතුරු කමිටුවක සේවය කර ඇති කාල වකවානුව වසර 04ක සේවා කාලයට අයත් නොවන බවයි.

එහෙත් 2013 වසරෙන් පසු දෙවසරක කාලයක් ප‍්‍රධාන නිලතල දැරූ සියලූ දෙනා ඉතිරි දෙවසරක කාලය සඳහා තරග වදින්නේනම් අදාල සංශෝධනයේ විධිවිධාන අනුව ඒ සඳහා කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අවසර ලබා ගතයුතු වේ.

පසුගියදා කී‍්‍රඩා අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද නිවේදනයකින් මෙසේ ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අවසරය නොලැබේ නම් ඒ කුමන කරුණු නිසාද යන්න පැහැදිලි කර තිබිණි.

මෙම සංශෝධනයට අනුව කටයුතු කිරීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා විිසින් සියලූම කී‍්‍රඩා සංගම් හා සම්මේලනවල නිලවරණ සති හයකින් කල් දමන ලදි.

 


අදහස් (0)

කී‍්‍රඩා පනතට අනුව නිලවරණ පැවැත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.