Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කී‍්‍රඩා කුසලතා කලින් හඳුනාගන්න

කී‍්‍රඩා කුසලතා කලින් හඳුනාගන්න

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුඩා අවදියේ සිටම දරු දැරියන් තුළ ඇති කී‍්‍රඩා කුසලතා හඳුනාගැනීම සඳහා ‘ස්පෝට්ස් අන්ලීෂ්’ නමින් විශේෂ කී‍්‍රඩා වැඩසටහනක් හඳුන්වාදීමට ප‍්‍රවීණ කී‍්‍රඩා උපදේෂකවරයකු වන  තලවොව් අලයිලීමා මහතා කටයුතු කර ඇත.

නව කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පරපුරක් හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා මුවහත් කොට ඉදිරියට යාම සඳහා ඔවුන්ට අවස්ථාව සලසා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.

‘ස්පෝට්ස් අන්ලීෂ්’ යනු වයස අවුරුදු 9 ත් 11 ත් අතර දරු දරියන්ගේ කී‍්‍රඩා කුසලතා සහ විවිධ කී‍්‍රඩාවන් සඳහා ගැලපෙන කායික ලක්ෂණ හඳුනාගැනීමේ ක‍්‍රමවේදයක් බවත්, ඒ ඔස්සේ ආක‍්‍රමණික නොවන ක‍්‍රම භාවිතා කරමින් දරුවකු පිළිබඳ විද්‍යාත්මකව නිවැරදි වාර්තාවක් පිළියෙල කෙරෙන අතර එයින් දරුවන්ගේ ජීවිතයේ මූලික අවධි වලදීම ඔවුන්ගේ කී‍්‍රඩා කුසලතා හඳුනාගැනීමට හැකි බවත් තලවොව් අලයිලීමා මහතා පවසයි.

”මෙම ‘ස්පෝට්ස් අන්ලීෂ්’ වැඩසටහන මගින් ලැබෙන ප‍්‍රධානතම වාසියක් වන්නේ දරුවන්ගේ ස්වාභාවික කුසලතා මොනවාද යන්න පැහැදිලි කරගැනීමේ හැකියාව ලැබීමයි. මේ නිසා ඔවුන්ගේ කායික ලක්ෂණ අනුව වඩාත් සුදුසු කී‍්‍රඩාවක් හො කී‍්‍රඩාවන් තෝරාගෙන ඒවාට යොමුවීමේ අවස්ථාව ඔවුන්ට හිමිවේ. ඊට අමතරව මේ ඔස්සේ ඉහළ දක්ෂතා සහිත දරුවන්ට සිය පුහුණුව සහ කුසලතා වර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් තම හැකියාවන් ජාත්‍යන්තර තලයට රැගෙන යෑමේ අවස්ථාවද උදාවේවි.” යැයි තව දුරටත් අදහස් දැක්වූ අලයිලීමා මහතා කියා සිටියේය.

කී‍්‍රඩා කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධිධරයකු වන අලයිලීමා මහතා, ශක්ති පුහුණුව සහ කී‍්‍රඩා පෝෂණය සම්බන්ධ ඇමරිකා එක්සත් ජනපදයේ සුදුසුකම් ලත් උපදේශකවරයකු වේ.

විශේෂයෙන්ම පාසල් දරුවන් මෙම පරීක්ෂණය සඳහා උනන්දු කරවීම මින් අපේක්ෂා කෙරෙන අතර එම මඟපෙන්වීම තුළ කී‍්‍රඩාවට අදාල පෝෂණය, පුහුණුව සහ දරුවාගේ වර්ධන හැකියාවන් උපරිමයට ගෙන ඒම සඳහා අදාළ උපදෙස් ඇතුළත් වනු ඇත.

 


අදහස් (0)

කී‍්‍රඩා කුසලතා කලින් හඳුනාගන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.