Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කී‍්‍රඩා ඇමතිගේ පුටුව ගිනිගනී

කී‍්‍රඩා ඇමතිගේ පුටුව ගිනිගනී

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

කොළඹ 7 කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පිහිටි කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ නිල කාමරයේ අද (11) පෙරවරුවේ හටගත් හදිසි ගින්නක් හෙතුවෙන් එහි තිබූ වායූ සමීකරණ යන්ත‍්‍රයට සහ අමාත්‍යයවරයා අසුන් ගන්නා පුටුවට හානි සිදුව ඇතැයි ගිනි නිවන හමුදා දෙපාර්තමේන්තුව කියයි.

කී‍්‍රඩා ඇමතිවරයාගේ කාමරය වසා තිබුණ අතර පෙරවරු 9.00 ට පමණ එහි දුමක් හටගෙන තිබෙනු දුටු සම්බන්ධීකරණ ලේකම්වරයකු සිද්ධිය ගිනි නිවන හමුදාවට දැනුම් දී තිබේ.

වායු සමීකරණ යන්ත‍්‍රයේ  විදුලි කාන්දුවක් හේතුවෙන්  මෙම ගින්න හටගෙන ඇති අතර එම ගින්න පසුව ඒ අසල පිහිටි  අමාත්‍යවරයාගේ  කාර්යාල මේසයේ පුටුවටත් පැතිරී එහි කුෂන් ගිනිගෙන තිබූ බව ගිනි නිවන හමුදාවේ ස්ථාන බාර නිලධාරි, මෙහෙයුම් අධ්‍යක්‍ෂ, ආර්.එම් විජේසූරිය මහතා පැවසිය.

පසුව ගිනි නිවන හමුදාව වහාම කි‍්‍රයාත්මක වී ගින්න පැතිර යාමට ඉඩනොදී විනාඩි  පහකටත් අඩු කාලයකදී  ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමූ බවද ඒ මහතා පැවසීය.

ගින්නෙන් වායු සමීකරන යන්ත‍්‍රයට බරපතල හානි සිදුව ඇති බවත් ඇමතිවරයාගේ ආසනයට සුළු හානි සිදුව ඇති බවද පැවසේ. ගින්න හටගත් අවස්ථාවේ කී‍්‍රඩා අමත්‍යයවරයා එහි සිට නොමැති අතර ගින්න සැලවීමත් සමග අමත්‍යවරයා එම ස්ථානය පැමිණ කටයුතු සොයා බැලීය. කුරුදුවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


අදහස් (2)

කී‍්‍රඩා ඇමතිගේ පුටුව ගිනිගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.