Last Update  :  2025-11-11 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කිරිගිස්ථානය ශ්‍රී ලංකාව පරදයි

කිරිගිස්ථානය ශ්‍රී ලංකාව පරදයි

editorial - 2025 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල්  පතිරගේ

කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී ඊයේ (9) නිමාව දුටු මධ්‍යම ආසියානු සිව් කොන් වොලිබෝල් (වයස 19 න් පහළ- බාලිකා) තරගාවලියේදී සත්කාරක ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානය ලැබීය. ඒ ඊයේ (9) පැවැති තෙවැනි ස්ථානය තේරීමේ තරගයේදී මාලදිවයින වට  3 - 0 කින් පහසුවෙන් පරාජයට පත් කරමිනි.  එහිදී ලකුණු 25/06 - 25/11 -25/10 ක් ලෙස මාලදිවයින  පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

කෙසේවූවත් ශ්‍රී ලංකාව පෙරේදා (8) පැවැති  අවසන් පූර්ව තරග වටයේදී  කිරිගිස්ථානයට වට 3-0  කින් ලද නොගැලපෙන පරාජයත් සමග ඔවුන්ගේ අවසන් මහ තරගයේ අපේක්ෂාව බිද වැටුණි. එසේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේදී කිරිගිස්ථානයට පරාජය වුයේ ලකුණු 26/11 -  25/13 - 25/21 ක් ලෙසිනි. ශ්‍රී ලංකාව එසේ කිරිගිස්ථානයට තරගාවලියේ අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූයේ මූලික වටයේදී ඔවුන්ට එරෙහිව වට  3-0 ක ජයක් ලබා සිටියදීය.

පෙරේදා පැවැති අවසන් පූර්ව වටයේ සෙසු තරගයෙන් නේපාලයට ජය අත් වූයේ වට 3-0  ක් ලෙස මාලදිවයින පරාජයට පත් කරමිණි. එ් ලකුණු 25/11- 25/03 - 25/ 05 ක් පරිදිය. ඒ අනුව මාලදිවයින මෙවර තරගාවලියේදී කිසිදු තරගයක් ජය නොගත් එකම කණ්ඩායම බවට පත්ව සිටියි.

ඒ අනුව ඊයේ තරගාවලිය නිමාවට පත් කරමින් පැවැති අවසන් මහ තරගය වට 3-2 කට නේපාලය පරාජය කරමින් ජය ගත් කිරිගිස්ථානය එළඹෙන (2026) ආසියානු ශූරතා වොලිබෝල් (වයස 20 න් පහළ - බාලිකා) තරගාවලියට මධ්‍යම ආසියානු කලාපයෙන් නිර්දේශ ලබා ගත්තේය

ඒ ලකුණු 22/25 - 25/20 - 25/21 - 13/25- 15/11 ක් ලෙස තරගය ජය ගනිමිණි.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණයෙන් තරගාවලිය කොළඹදී සංවිධානය කළේය. ශ්‍රී ලංකාව මූලික වටයේදී මාලදිවයින හා කිරිගිස්ථානය පරාජය කරමින් අවසන් පූර්ව වටයට නිර්දේශ ලැබීය.මූලික වටයේ සෙසු තරගයෙන් නේපාලයට පරාජය විය.

 


අදහස් (0)

කිරිගිස්ථානය ශ්‍රී ලංකාව පරදයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.