Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කායවර්ධන ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 3 ක්

කායවර්ධන ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 3 ක්

ශනුක අරවින්ද - 2014 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ‍්‍රසීලයේ  ‘බ‍්‍රසිලියා’ ප‍්‍රාන්තයේදී මෙම 12 වැනිදා ආරම්භ වන 68 වැනි ලෝක කායවර්ධන  ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් කී‍්‍රඩකයන් තිදෙනෙකු සහභාගි වීමට නියමිතය. තරගාවලිය රටවල් 72 කගේ සහභාගිත්වයෙන් මෙම 16 වැනිදා දක්වා බ‍්‍රසිලිකා නගරයේ දී පැවැත්වේ.

කිලෝග‍්‍රෑම් 60 බර පංතියෙන් වයි.ජී. අමිල හා රනිල් සම්පත් ද, කිලෝග‍්‍රෑම් 65 බර පංතියෙන් සුභාෂ් සිරිවර්ධන ද මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක ශූරතාවලියට සහභාගි වෙති.

මෙම සංචාරයේ දී පුහුණුකරු ලෙස ජාතික කායවර්ධන පුහුණුකරු ඞී.එන්. වීරතුංග මහතාත්, කළමනාකරු ලෙස ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ සභාපති කපිල කුමාර මහතාත් කටයුතු කරති.

ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමට තෝරා ගන්නා ලද්දේ කොළඹ දී පැවති ආසියානු කායවර්ධන ශූරතාවලියේ ප‍්‍රතිඵල සැලකිල්ලට ගනිමිනි.

ලෝක ශූරතාවලියට තෝරාගත් වයි.ජී. අමිල හා රනිල් සම්පත් කිලෝග‍්‍රෑම් 60 බර පංතියේ ආසියානු ශූරතා රන් පදක්කම්ලාභියා හා රිදි පදක්කම්ලාභියා වෙති. සුභාෂ් සිරිවර්ධන එම තරගාවලියේ දී කිලෝග‍්‍රෑම් 65 බර පංතියෙන් රන් පදක්කම දිනා ගත් කී‍්‍රඩකයායි.

65 වැනි ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා ගැනීමට ප‍්‍රසන්න පීරිස් සමත්   විය. 2009 දී පැවති එම තරගාවලියේ දී කිලෝග‍්‍රෑම් 65 බර පංතියෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට ප‍්‍රසන්න පීරිස් සමත් විය.

ජාතික කායවර්ධන ශූරයා වූ ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් ද මෙවර ලෝක ශූරතාවලියට තෝරා ගෙන ඇති නමුත් ඔහු සිය කැමැත්තෙන් තරගාවලියට සහභාගි නොවීමට තීරණය කර තිබේ.

ලූෂන් ඇන්ටන් ආසියානු තරගාවලියේ දී කිලෝග‍්‍රෑම් 100 බර පංතියෙන්  රිදී පදක්කමක් දිනා ගත්තේය. සිය මීළඟ අපේක්‍ෂාව වසර 2015 ජපානයේ දී පැවැත්වෙන ආසියානු ශූරතාවලියේ දී රන්  පදක්කමක් දිනා ගැනීම බව ඔහු පවසයි.

 


අදහස් (0)

කායවර්ධන ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.