Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕෂිත වරකපිටිය
එළඹෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පාලන කටයුතු සියල්ල සඳහා කාන්තාවන් යොදා ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) තීරණය කර ඇත. ඒ තරගාවලි ඉතිහාසයේ පළමු වතාවටයි.
ඒ අනුව තරගාවලියේ සියළුම තරග තීරකයින් හා විනිසුරුවන්ට කාන්තාවන් යොදා ගැනීමට තීරණය වී ඇත. පෙරේදා (10දා) අයි.සී.සී. ය විසින් මෙය නිවේදනය කර ඇත. එළඹෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී විනිසුරුවරියන් 14 ක් හා තරග තීරකවරියන් 4 ක් යොදා ගැනීමට නියමිතය. ඒ රටවල් 9 ක් නියෝජනය කරමිනි.
මෙම තරගාවලිය එලඹෙන සැප්තැම්බර් 30 වැනිදා සිට නොවැම්බර් 02 වැනිදා දක්වා ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.