Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිස්තු දේව විදුහලට මුල් ඉනිමේ ජයක්

ක්‍රිස්තු දේව විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම සහ මාතලේ ක්‍රිස්තු දේව විදුහල අතර මහානාම විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ක්‍රිස්තු දේව විදුහල අද (1 වැනිදා) සමත් විය.

එහිදී මහානාම විදුහල් ‘බී’ පිලේ ටිෂාන් අචින්ත ලකුණු 27 කට කඩුලු 7 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය. ක්‍රිස්තු දේව විදුහල වෙනුවෙන් මනූෂ රුක්ෂාන් (51) ද, මහානාම විදුහල් ‘බී’ පිල වෙනුවෙන් මහේන් කුලතිලක (නොදැවී 67) ද, අර්ධ ශතක ලබාගත්හ.

 

මහානාම විදුහල් ‘බී’ පිල - පළමු ඉනිම - ඕවර 33.3 කදී සියලු දෙනා දැවී 72
(සිතුම් ජයරත්න 81/4, මනීෂ රුක්ෂාන් 02/2, කසුන් ජයරත්න 36/2)

ක්‍රිස්තු දේව විදුහල - පළමු ඉනිම - ඕවර 34.4 කදී කඩුලු 8 ක් දැවී 163
(මනූෂ රුක්ෂාන් 51, සිතුම් ජයරත්න 49, තමල්ක විජේරත්න 24, ටිෂාන් අචින්ත 27/7)

මහානාම විදුහල් ‘බී’ පිල - දෙවැනි ඉනිම - ඕවර 30 කදී කඩුලු 2 ක් දැවී 165
(මහේන් කුලතිලක නොදැවී 67, ටිෂාන් අචින්ත නොදැවී 40, තරුෂ කුරේ 22)

 


අදහස් (0)

ක්‍රිස්තු දේව විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.