
---------------------
අවන්ත බාලසූරිය
---------------------
ක්‍රීඩාව හෝ ක්‍රීඩා සම්බන්ධ නම් යොදාගනිමින් පිහිටුවා ඇති සංගම් හා ඒවායේ ක්‍රියාකාරකම් නියාමනය කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද(9) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල යටතේ ඇති ක්‍රීඩා සංගම් මෙන්ම ක්‍රිකට් ආයතනය වැනි ජාතික මට්ටමේ ආයතන හරහා ක්‍රියාත්මක සංගම් හැරුණු විට වෙනත් අටවා ගත් ක්‍රීඩා සංගම් නමින් ඇති උදේ සිට මත්වතුර බෙදන සංගම් පිළිබඳ නියාමනයක් සිදුනොකරන්නේ මන්දැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
එසේ ක්‍රීඩා සංගම් නමින් පවත්වාගෙන යන විවිධ සංගම් ක්‍රීඩාවට හානියක් බවද බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.
“ක්‍රීඩා සමාජ (Sport Club) කියන සංකල්පය ලෝකයේ තියෙන එකක්. නමුත් අපේ රටේ ගැටලුව මේ පිළිබඳ නියාමනයක් නෑ. අපි ක්‍රීඩා අමාත්‍යංශය විදියට ක්‍රීඩාව හෝ ඒ නම් යොදා කරන දේවල් නියාමනය කිරීමට කටයුතු කරනවා” යනුවෙන් ක්‍රීඩා ඇමැතිවරයා එහිදී පිළිතුරු දුන්නේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.