Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්ලිෆඞ් කුසලාන බොක්සිං තරග ඇරඹේ

ක්ලිෆඞ් කුසලාන බොක්සිං තරග ඇරඹේ

Nisanka Sandeepani - 2017 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 91 වැනි ක්ලිෆඞ් කුසලාන බොක්සිං තරගාවලිය අද (5 වැනිදා) කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. තරගාවලිය දින 5 ක් පුරා පැවැත්වෙන අතර එහි අවසන් මහ තරග ලබන 9 වැනිදා පැවැත්වීමට නියමිතය. 

මින් පෙර පැවැති ආධුනික, අතරමැදි, ජාතික, ජාතික කනිෂ්ඨ සහ ස්ටබ්ස් පළිහ වැනි ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි වලදී ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් මෙම තරගාවලියට සහභාගි වෙති. ඒ අනුව මෙවර තරගාවලිය සඳහා තරග වදින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 164 කි. 

පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන්ම බර පංති 10 යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි තරග විනාඩි 3 බැගින් වන වට 3 කින් සමන්විත වන අතර කාන්තා තරග විනාඩි 2 බැගින් වන වට 4 කින් සමන්විත වේ. 

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිණැමෙන අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට විශේෂ කුසලාන සහ සහතිකපත් හිමිවේ. 

මෙම තරගාවලියේ සියලු තරග ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමය හඳුන්වාදුන් නව නීති රීති වලට අනුව පැවැත්වේ. තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පති සුමිත් ලියනගේ මහතා සහභාගි වීමට නියමිතය. 

මෙතෙක් පැවැති තරගාවලි 91 න් 35 කම ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්ව ඇති අතර ඉකුත් වසරේ (2016) පැවැති තරගාවලියේ ශූරතාව දිනාගත් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය මේ වන විට පිට පිටම දින සිටින ශූරතා සංඛ්‍යාව 5 කි. 

 


අදහස් (0)

ක්ලිෆඞ් කුසලාන බොක්සිං තරග ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.