කළුතර මහ විදුහල සහ කළුතර තිස්ස මැදි මහ විදුහල අතර 57 වැනි ‘මැංගුස්’ සටන වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය කළුතර නගර සභා ක‍්‍රීඩාංගණයේදී මේ මස 27 සහ 28 දෙදින පැවැත්වේ. මෙම මහ ක‍්‍රිකට් තරගයේ මේ දක්වා පැවැති තරග 56 න් කළුතර මහ විදුහල තරග 21 ක් ද, තිස්ස මැදි මහ විදුහල තරග 6 ක් ද, ජය ලබා තිබේ. මෙවර කළුතර මහ විදුහල් පිලේ නායකයා ලෙස සුමුදු සමීර ද, තිස්ස මැදි මහ විදුහල් පිලේ නායකයා ලෙස සංඛ චතුරංග ද, කටයුතු කරති.
කඵතර මහ විදුහල මෙම තරග වාරයේ තරග 14 කට සහභාගි වී පුර්ණ ජයග‍්‍රහණ 5 ක් ලබා තරගයක් පරාජයට පත්ව තිබේ.
මෙවර කළුතර මහ විදුහල් පිලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයා වන තුන් ඉරියව් ක‍්‍රීඩක නායක සුමුදු සමීර පිතිකරුවකු ලෙස ලකුණු 401 රැස්කර ඇති අතර පිට දඟ පන්දු යවමින් කඩුලූ 68 ක් දවා ගැනීමට ද සමත්ව සිටියි.
පැතුම් නිශ්ශංක මෙම තරග වාරයේදී ද්විත්ව ශතකයක් සහ ශතක 4 ක් සමගින් ලකුණු 1040 ක් රැස්කරමින් කළුතර මහ විදුහලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. විසුර නවරත්න (355) සහ ශෙනිත් හසාර (351) කළුතර මහ විදුහල් පිතිකරු ලැයිස්තුවේ සෙසු ප‍්‍රබල පිතිකරුවෝ වෙති.
ඉංසක සිරිවර්ධන (44) සහ දිල්ෂාන් ලක්‍ෂිත (40) මෙවර කළුතර විදුහල් පන්දු යැවීමේ බලැනිය ශක්තිමත් කරති.
තිස්ස මැදි මහ විදුහල මෙම තරග වාරයේ තරග 14 කට ක‍්‍රීඩා කරමින් පූර්ණ ජයග‍්‍රහණ 5 ක් ලබා තරගයක් පරාජයට පත්ව තිබේ.
මෙවර තිස්ස මැදි මහ විදුහල් පිලේ ප‍්‍රබල ක‍්‍රීඩකයා වන තුන් ඉරියව් ක‍්‍රීඩක නවීන් දනූෂ පිතිකරුවකු ලෙස ලකුණු 824 ක් රැස්කර ඇති අතර නව පන්දු යවන්නකු ලෙස කඩුලූ 38 ක් දවා ගැනීමට සමත්ව තිබේ.
දිමුතු මධුසංඛ (622), නායක සංඛ චතුරංග (562) සහ ගංගුල් රවින (381) මෙවර තිස්ස විදුහල් පිතිකරු ලැයිස්තුවේ සෙසු ප‍්‍රබල පිතිකරුවෝ වෙති.
දකුණතින් වේග පන්දු යවන හිමාෂ සචින් මෙම තරග වාරයේ කඩුලූ 52 ක් දවා මෙවර තිස්ස විදුහලේ වැඩිම කඩුල් ලාභියා බවට පත්ව සිටියි. චරිත් දුෂාන්ත කඩුලූ 45 ක් දවා ගැනීමට සමත්ව සිටියි.
කඵතර මහ විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට: විසුර නවරත්න, පැතුම් නිශ්ශංක, සුමුදු සමීර (නායක), එම්. කෝන්ගහවත්ත මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), සරත්චන්ද්‍ර සිල්වා මහතා (විදුහල්පති), ආර්. එම්. රුමේෂ් මහතා (පුහුණුකරු), රුවිත් කරුණාරත්න (උප නායක), ශෙනිත් හසාර සහ දිල්ෂාන් ලක්‍ෂිත
පසු පෙළ වමේ සිට: දෙහාන් ජයතිලක, දුල්ෂාන් භවන්ත, උෂාන් ප‍්‍රනීත්, හසිත් ඩිල්ෂාන්, නිමේෂ් නයනජිත්, නිපුන් සංදීප, නදීර ජයවර්ධන, උදාර දේශප‍්‍රිය, හසිදු නිමේෂ්, අෂේන් ෆොන්සේකා, චානුක ලක්‍ෂාන්, ශකිල අකලංක, යසිත් උමයංග සහ ඉංසක සිරිවර්ධන
කළුතර තිස්ස මැදි මහ විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට: නවීන් දනූෂ, හිමාෂ සචින් (උප නායක), රිෂාන් සජිත් සිල්වා මහතා (පුහුණුකරු), විපුල කුලතුංග මහතා (විදුහල්පති), කාවින්ද ප‍්‍රනීත් මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), සංඛ චතුරංග (නායක) සහ දිමුතු මධුසංඛ
පසු පෙළ වමේ සිට: ගංගුල් රවින, මලිදු රවිෂාන්, රොහාන් සංජය, නවෝද් ප‍්‍රබෝදන, සහන් යසිදු, පසිදු හිමන්ත, චරිත් දුෂ්මන්ත, ඩිලාන් මධුසංඛ, සදුන් චතුරංග, දුලාන් අවිෂ්ක, උදාර පුෂ්පිත, යොහාන් රවිෂ්ක සහ කෝසල රවිදු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.