අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්රිකට් තරගාවලියේ හොරණ තක්ෂිලා විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර ශාන්ත තෝමස් විදුහල් ක්රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.
එහිදී ශාන්ත තෝමස් විදුහලේ කසුන් ජයරත්න ලකුණු 36 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
තක්ෂිලා විදුහල - ඕවර 25.4 කදී සියලු දෙනා දැවී 98
(මනෙත් හෙට්ටිආරච්චි 20, කසුන් ජයරත්න 36/5, සිතුල් විජේසේකර 14/2)
ශාන්ත තෝමස් විදුහල - ඕවර 17.4 කදී කඩුලු 4 ක් දැවී 101
(කවිඳු සේනාරත්න 25, අදීප ජයලත් 20/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.