Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා වෙළෙඳ සේවා මේසපන්දු සංගමය සංවිධානය කළ 61 වැනි වෙළෙඳ සේවා මේසපන්දු තරගාවලියේදී ත්‍රිත්ව ශූරතා දිනාගැනීමට මාස් හෝල්ඩිංග්ස් සමාගමේ කල්පනී හේරත් සමත් වුවාය. මෙම තරගාවලිය ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
සයන්ටර් ටෙක්නොලොජීස් සමාගමේ ඕෂදී ගුණසේකර පරාජය කරමින් කාන්තා කේවල ශූරතාව දිනාගත් කල්පනී, ඉන් නොනැවතී ශ්‍රීමාලි විමලරත්න සමග එක්ව කාන්තා යුගල ශූරතාවද, නිර්මල ජයසිංහ සමග එක්ව මිශ්‍ර යුගල සම ශූරතාවද දිනාගත්තේ මෙවර තරගාවලියේදී ත්‍රිත්ව ශූරතාවකට හිමිකම් කී එකම ක්‍රීඩිකාව බවට පත්වෙමිනි.
තරගාවලියේ පිරිමේ කේවල ශූරතාව දිනාගැනීමට සෙලාන් බැංකුවේ චලිත රංජන සමත් වූයේ අවසන් මහ තරගයේදී මාස් හෝලිඩිංග්ස් සමාගමේ නිර්මල ජයසිංහ පරාජය කරමිනි. පිරිමි යුගල ශූරතාව දිනාගනු ලැබුවේ ඊසොෆ්ට් සමාගමේ දිලින හේරත් සහ ලිලංක ද සිල්වා විසිනි.
මිශ්‍ර යුගල අවසන් මහ තරගය පැවැත්වීමට කාල වේලාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් දෙක සම ශූරයන් ලෙස නම් කිරීමට සංවිධායකයෝ පියවර ගත්හ.
මෙම තරගාවලිය සඳහා වෙළෙඳ සමාගම් 39 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 176 ක් දෙනෙක් සහභාගි වූ අතර එහිදී ඔවුන් ඉසව් 9 ක් යටතේ තරග වැදිණ. ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ හිටපු උප සභාපතිවරියක මෙන්ම සහකාර ලේකම්වරියකද වන සදිසි නිරාෂා මෙනවිය තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූවාය.
තරග ප්‍රතිඵල
පිරිමි කේවල
චලිත රංජන (සෙලාන් බැංකුව) විසින් නිර්මල ජයසිංහ (මාස් හෝල්ඩිංග්ස් සමාගම) පරාජය කරන ලදී.
පිරිමි යුගල
දිලින හේරත් සහ ලිලංක ද සිල්වා (ඊසොෆ්ට් සමාගම) විසින් නිර්මල ජයසිංහ සහ සුඛිත වික්‍රමනායක (මාස් හෝල්ඩිංග්ස් සමාගම) පරාජය කරන ලදහ.
කාන්තා කේවල
කල්පනී හේරත් (මාස් හෝල්ඩිංග්ස් සමාගම) විසින් ඕෂදී ගුණසේකර (සයන්ටර් ටෙක්නොලොජීස් සමාගම) පරාජය කරන ලදී.
කාන්තා යුගල
කල්පනී හේරත් සහ ශ්‍රීමාලි විමලරත්න (මාස් හෝල්ඩිංග්ස් සමාගම) විසින් විනෝලි සිල්වා සහ චේතිකා ශෂිනි (සෙලාන් බැංකුව) පරාජය කරන ලදහ.
මිශ්‍ර යුගල
නිර්මල ජයසිංහ සහ කල්පනී හේරත් (මාස් හෝල්ඩිංග්ස් සමාගම) ද, ලක්ෂිත චතුරංග සහ චේතිකා ශෂිනි (සී.ඩී.බී. මූල්‍ය සමාගම සහ සෙලාන් බැංකුව) ද සම ශූරතාව දිනාගත්හ.
ආධුනික පිරිමි
ලක්ෂිත චතුරංග (සී.ඩී.බී. මූල්‍ය සමාගම) විසින් චමත් දිමන්ත (සී.ඩී.බී. මූල්‍ය සමාගම) පරාජය කරන ලදී.
ආධුනික කාන්තා
ඕෂදී ගුණසේකර (සයන්ටර් ටෙක්නොලොජීස් සමාගම) විසින් දුලංජලී සමරසිංහ (මාස් හෝල්ඩිංග්ස් සමාගම) පරාජය කරන ලදී.
ප්‍රවීන පිරිමි
නිර්මල ජයසිංහ (මාස් හෝල්ඩිංග්ස් සමාගම) විසින් ප්‍රනීත් වීරසේකර (මාස් හෝල්ඩිංග්ස් සමාගම) පරාජය කරන ලදී.
ජ්‍යෙෂ්ඨ පිරිමි
ගාමිණී මොරායස් (ඇසට්‍රන් සමාගම) විසින් එන්.එම්. තිලකානන්ද (සිංගර් සමාගම) පරාජය කරන ලදී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.