Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කරුණාරත්නට රජරට ස්වර්ණ සම්මානය

කරුණාරත්නට රජරට ස්වර්ණ සම්මානය

Nisanka Sandeepani - 2017 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ දැනට සිටින එකම අන්තර්ජාතික පාපැදි විනිසුරුවරයා වන එන්. කරුණාරත්න මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් රජරට ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබීය. උතුරු මැද පළාත වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙවරක් කළ විවිධ ක්‍ෂේත්‍රයන්ට අයත් 28 දෙනකු සඳහා අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ හෝටලයේදී පැවති උත්සවයේදී කරුණාරත්න මහතා රජරට ස්වර්ණ සම්මානය හිමිකරගත්තේය. 

ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවටම දැනට සිටින එකම අන්තර්ජාතික පාපැදි විනිසුරුවරයා වන්නේ ද කරුණාරත්න මහතාය. (මාර්ග ධාවන තරග සඳහා ජාත්‍යන්තර පාපැදි විනිසුරුවන් ආසියාවට සිටින්නේ 13 දෙනකු පමණි. ඔහු හිටපු ප්‍රවීනතම පාපැදි ශූරයෙක්ද වෙයි. 

1995 දී අන්තර්ජාතික පාපැදි සම්මේලනය මෙහෙය වූ අන්තර්ජාතික පාපැදි විනිසුරු විභාගය ඉහළින්ම සමත් වෙමින් එම ධුරයට පත්වූ කරුණාරත්න මහතා එදා මෙදා තුර පැවති සියලු ආසියානු ක්‍රීඩා උළෙලවලදී ජාත්‍යන්තර පාපැදි විනිසුරුවරයකු ලෙස කටයුතු කර තිබේ. පොදුරද මඩුලු ක්‍රීඩා උළෙල ඇතුළුව ලොව ප්‍රධානතම අන්තර්ජාතික පාපැදි තරගාවලි හා ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි තරග රැසක ද විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව උදාකර ගත් කරුණාරත්න මහතා පවසන්නේ මේ දක්වා යුරෝපය, ආසියාව හා අප්‍රිකාව සත්කාරය දැරූ එවැනි අන්තර්ජාතික පාපැදි තරග 100කට වඩා විනිශ්චය කර ඇති බවයි. 
ශ්‍රී ලංකාවේ පාපැදි සම්මේලනයේ හිටපු සභාපතිවරයකුද වන ඔහු නොබෝදා පැවැති චීනයේ අන්තර්ජාතික පාපැදි තරගාවලිය තාක්ෂණික අධ්‍යක්ෂකවරයා ලෙසත් ඔහු කටයුතු කළේය. 

අනුරාධපුර මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායකවරයකුද වන කරුණාරත්න මහතා අනුරාධපුරය සාන්ත ජෝසප් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපධිධාරියෙකු වන ඒ මහතා මේ වනවිට සිලෝන් පෙට්ට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඞ් ආයතනයේ මුතුරාජවල පර්යන්තයේ ගබඩා අධිකාරීවරයෙකු ලෙස සේවය කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් එන්. කරුණාරත්න මහතා ‘රජරට ස්වර්ණ’ සම්මානය ලබාගත් අයුරු. කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා ද ඡායාරූපයේ සිටී.


අදහස් (0)

කරුණාරත්නට රජරට ස්වර්ණ සම්මානය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.