Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කඹ ඇදීමේ සංගමයේ සභාපති රණසිංහ

කඹ ඇදීමේ සංගමයේ සභාපති රණසිංහ

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති ශ්‍රී ලංකා කඹ ඇදීමේ සංගමයේ වාර්ශික මහ සභා රැස්වීමේදී එම සංගමයේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ කර්නල්වරයකු ලෙස කටයුතු කරන ආර්. ඒ. රණසිංහ මහතා තේරී පත් විය.

සංගමයේ නව ලේකම්වරයා ලෙස බස්නාහිර පළාත් ක්‍රීඩා සංගමයේ ක්‍රිස්ටි ප්‍රනාන්දු මහතා තේරී පත් වූ අතර උප සභාපතිවරු 6 දෙනෙක්ද, උප ලේකම්වරයකු සහ භාණ්ඩාගරිකවරයකුද එහිදී තෝරා පත්කර ගැනිණ.  
2004 වසරේදී ජාතික කඹ ඇදීමේ සංගමය ක්‍රීඩා අමාත්‍යංශයේ ලියාපදිංචි කිරීම සහ ජාත්‍යන්තර සම්මේලන සමග සම්බන්ධතා ඇති කිරීම වෙනුවෙන් වැඩි මෙහෙවරක් කළ එම්. ටී. ප්‍රනාන්දු මහතා, එම සංගමයේ ජාත්‍යන්තර සම්බන්ධීකාරක නිලධාරි තනතුරට පත් කෙරිණ.

ඉදිරි වර්ෂය තුළදී ක්‍රියාවට නැංවීමට නියමිත සැළසුම් 7 කින් සමන්විත යෝජනාවලියක්ද එහිදී සභාවට ඉදිරිපත් කෙරිණ. සංගමයේ මීලඟ සභා වාරයේදී තාක්ෂණික කමිටුවක්, විනය කමිටුවක්, තරග කමිටුවක්, තේරීම් කමිටුවක් සහ කාරක කමිටුවක් පත්කර ගැනීමට නියමිතය.


ජාතික කඹ ඇදීමේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය

සභාපති - ආර්. ඒ. රණසිංහ මහතා (යුද හමුදාව)
ලේකම් - ක්‍රිස්ටි ප්‍රනාන්දු මහතා (බස්නාහිර පළාත් ක්‍රීඩා සංගමය)
උප සභාපතිවරු - ඒ. ඒ. අසංක (කළුබෝවිල ක්‍රීඩා සංගමය), ජගත් නිශාන්ත (ඩම්බෙල් ක්‍රීඩා සංගමය), ඩබ්ලිව්. ඒ. ෂෙරෝන් (උදාන ක්‍රීඩා සංගමය), කේ. පී. සේරසිංහ (කොළඹ ක්‍රීඩා සමාජය), කේ. එන්. ප්‍රනාන්දු (රත්නපුර ක්‍රීඩා සංගමය), කේ. යෝගරත්නම් (ත්‍රිකුණාමලය ක්‍රීඩා සංගමය) යන මහත්වරු
උප ලේකම් - එම්. ඒ. එන්. වික්‍රමසිංහ මහතා (ෆීඩම් ක්‍රීඩා සංගමය)
භාණ්ඩාගාරික - යූ. ඩී. එන්. සංජීව මහතා


- 036

 


අදහස් (0)

කඹ ඇදීමේ සංගමයේ සභාපති රණසිංහ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.