Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කඹ ඇදීමෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4 ක්

කඹ ඇදීමෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4 ක්

Nisanka Sandeepani - 2018 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹදී නිමාවට පත්වූ 13 වැනි ආසියානු සහ දකුණු ආසියානු කඹ ඇදීමේ තරගාවලි දෙකේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් හතරක් දිනා ගනිමින් එම තරගාවලි දෙකේදීම වැඩි ගෞරව හිමිකර ගැනීමට සමත් විය.

මෙම ජාත්‍යන්තර තරගමාලා ආසියානු කඹ ඇදීමේ සම්මේලනයේ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය සංවිධානය කර තිබුණි. කොළඹ ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ පිටියේදී තරගාවලිය පැවැත්විණි. 

ආසියානු කඹ ඇදීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව කාන්තා රන් පදක්කම (කිලෝග්‍රෑම් 540 බර පංතිය) හා මිශ්‍ර කාණ්ඩයේ රන් පදක්කම (කිලෝග්‍රෑම් 600) දිනා ගත්තේ ඉන්දියාව පරාජයට පත් කරමිනි.

දකුණු ආසියානු කඹ ඇදීමේ තරගාවලියේදී කිලෝග්‍රෑම් 480 බර පංතියේ කාන්තා හා කිලෝග්‍රෑම් 560 මිශ්‍ර කාණ්ඩයේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් දිනා ගැනීමට සමත්වූයේය. 

ආසියානු තරගාවලියේදී කිලෝග්‍රෑම් 640 බර පංතියේ පිරිමි රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමි විය. එහිදී තියුණු සටනකින් පසුව පාකිස්ථානය විසින් රන් පදක්කම දිනා ගන්නා ලදි. දකුණු ආසියානු පිරිමි තරගාවලියේදී කිලෝග්‍රෑම් 600 බර පංතියේ රිදී පදක්කම ද ශ්‍රී ලංකාවට හිමිවූ අතර ඒ තියුණු සටනකින් පසුව පාකිස්තානයට වට 2/0කින් පරාජය වීමෙනි. 

තරගමාලාවේදී පාකිස්තානය රන් පදක්කම් දෙකක් දිනා ගත් අතර ඉන්දියාව එහිදී රිදී පදක්කම් තුනක් ලැබීය. ක්‍රීඩා අමාත්‍යාංශය හා ටෙලිකොම් ආයතනය තරගමාලාව සඳහා අනුග්‍රහය දැක්වීය.

ආසියානු කාන්තා රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම

 

 


අදහස් (0)

කඹ ඇදීමෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.