නිලවරණය නිසිපරිදි නොපැවැත්වීම ඇතුළු තවත් හේතු කිහිපයක් නිසා අක්‍රමවත්ව පැවති ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවීම සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 (අ) සහ 33 වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්යවරටයාට පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ලියපාදිංචිය අත්හිටුවීමෙන් පසු ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යාමේ තාවකාලික කාර්යක්රමයක් වශයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා කබඩි ක්‍රීඩාව සම්බන්ධ නිසි බලධාරියා වශයෙන් පත්කර ඇත.
ඉදිරි සති දෙකක කාලය තුළ ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ 2017 වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත්කිරීම සඳහා නාමයෝජන කැඳවා නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතාට නියම කර ඇත
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.