Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කපුගෙදර එස්. එස්. සී. පිල ඔසවයි

කපුගෙදර එස්. එස්. සී. පිල ඔසවයි

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප‍්‍රීමියර් ලීග් එක්දින කි‍්‍රකට් තරගාවලියේ අද (28 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් එස්. එස්. සී. කී‍්‍රඩා සමාජය නියමිත  ඕවර 50 නිමාවේදී එන්. සී. සී. කී‍්‍රඩා සමාජයට එරෙහිව කඩුලූ 9 ක් දැවී ලකුණු 278 ක් රැස්කිරීමට සමත්විය. මෙම තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

එස්. එස්. සී. කී‍්‍රඩා සමාජය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ චාමර කපුගෙදර පන්දු 57 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් වේගවත් ලකුණු 70 ක් රැස්කළේය. ලකුණු 114 කට එස්. එස්. සී. කන්ඩායමේ කඩුලූ 3 ක් දැවීගොස් තිබූ අවස්ථාවේ සිව්වැනි කඩුල්ල සඳහා තිළිණ කණ්ඩම්බි (34) සමග එක්ව පන්දු 60 කදී ලකුණු 57 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද කපුගෙදර සමත්විය.

එස්. එස්. සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන විශ්ව විජේරත්න (49) සහ ධනුෂ්ක ගුණතිලක (44) දෙදෙනාම ඔවුන්ගේ අර්ධ ශතක පෙනි පෙනී අවාසනාවන්ත ලෙස දැවිගියහ.

ලකූණු ලබාගැනීමේ වේගය වැඩි කිරීමේ උත්සහයක නිරතවූ එස්. එස්. සී. කණ්ඩායම් නායක කෞෂාල් ලොකුආරච්චි හයේ පහර 2 ක්ද සමගින් ලකූණු 18 ක් ලබා සිටියදී, පන්දුයවන්නාට බාධා වන අයුරින් හැසිරීම නිසා විනිසුරුවන් විසින් දැවී ගිය කී‍්‍රඩකයකු ලෙස නම් කරන ලදි.

අවසාන  ඕවර කිහිපයේදී වැරෙන් පන්දුවට පහර එල්ල කළ ධම්මික ප‍්‍රසාද් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් පන්දු 22 කදී ලකුණු 26 ක් රැස්කළේය.

ෆර්විස් මහරුෆ් සහ සොහාන් බොරලැස්ස කඩුලූ 3 බැගින් දවාගනිමින් එස්. එස්. සී. කණ්ඩායමට යම් පීඩනයක් එල්ල කිරීමට සමත් වූහ.

එස්. එස්. සී. කී‍්‍රඩා සමාජය -  ඕවර 50 කදී කඩුලූ 9 කට 278
(විශ්ව විජේරත්න 49, ධනුෂ්ක ගුණතිලක 44, චාමර කපුගෙදර 70, තිළිණ කණ්ඩම්බි 34, කෞෂාල් ලොකුආරච්චි 18, ධම්මික ප‍්‍රසාද් 26, ෆර්විස් මහරුෆ් 38/3, සොහාන් බොරලැස්ස 57/3)

- 036
 


අදහස් (0)

කපුගෙදර එස්. එස්. සී. පිල ඔසවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.