ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය සංවිධානය කරන විවෘත කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලිය මේ මස 13 වැනිදා සිට 15 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් 10 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය වයස 18 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විවෘත වේ. එහිදී කාණ්ඩ 3 ක් යටතේ තරග පැවැත්වෙන අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 80 ක් පමණ සහභාගි වෙති.
වයස 15 සිට 18 දක්වා වයස් කාණ්ඩවල තරගකරුවන් තරගාවලියේ ප්‍රධානම කාණ්ඩය වන රන් කාණ්ඩය යටතේ තරග වදින අතර වයස 12 සිට 14 දක්වා වයස් කාණ්ඩවල තරගකරුවන් රිදී කාණ්ඩය යටතේද, වයස 10 සිට 11 දක්වා වයස් කාණ්ඩවල තරගකරුවන් ලෝකඩ කාණ්ඩය යටතේද, වයස 9 ට අඩු වයස් කාණ්ඩවල තරගකරුවන් තඹ කාණ්ඩය යටතේද තරග වැදීමට නියමිතය.
මෙම දින 3 තුළදී සිදුරු 18 ට වැඩිම පහර සංඛ්‍යාවක් එල්ල කරන ක්‍රීඩකයා කනිෂ්ඨ ගොල්ෆ් ශූරයා ලෙස සම්මාන ලැබීමට නියමිතය. වයස 9 න් පහළ වයස් කාණ්ඩය යටතේ තරග වදින තරගකරුවන් දින 3 දීම තරග සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ.
ඉකුත් වසරේදී (2016) බාලක ශූරතාව දිනාගත් විනෝද් වීරසිංහ මෙවර තරගාවලියේ ශූරතාව දිනාගනු ඇතැයි අපේක්ෂා කරන ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම සිටියි. කෙසේ වුවත් නුවරඑළිය ප්‍රදේශයේ ක්‍රීඩකයන් වන දුවර්ෂන්, සත්සර දිල්ෂාන් සහ කොළඹ ප්‍රදේශයේ ආර්මන්ඞ් කල්දේරාගෙන්ද එහිදී විනෝද්ට දැඩි අභියෝගයක් එල්ල විය හැකිය.
මෙවර තරගාවලියේ බාලිකා ශූරතාව සඳහා ටානියා බාලසූරිය සහ කයිලා පෙරේරා අතර ඉතා තියුණු තරගයක් ඇතිවීමේ තත්ත්වයක් පවතින අතර නිරේක් ටේජ්වානි, යැනික් කුමාර, කේ. ධනෂන් සහ හරූන් අස්ලාම් වැනි කනිෂ්ඨ තරගකරුවන් සහ තරගකාරියන්ද මෙවර තරගාවලියේදී ඉහළ දස්කම් දක්වනු ඇතැයි බලාපෙරොත්තු විය හැකිය.
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.