Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී තරග වැදුණු පාසල් කණ්ඩායම් 84 ක් අතුරින් කණ්ඩායම් 32ක් දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ.
පාසල් කණ්ඩායම් 53 ක් කාණ්ඩ 9ක් යටතේ ලීග් ක්‍රමයට තරගාවලියේ පළමු වටයේදී තරග වැද එහිදී දස්කම් දැක්වූ කණ්ඩායම් 32ක් දෙවැනි වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග වදිනු ඇත.
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය, කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය (බී), කුරුණෑගල මලියදේව ආදර්ශ පාසල, වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය (බී), කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලය, කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය (බී) සහ පොළොන්නරුව රාජකීය විද්‍යාලය පළමු වටයේ දී තම කාණ්ඩයන්හි ශූරයින් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලදහ.
දෙවැනි වටයේ තරග පැවැත්වෙන ආකාරය
■ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය සහ බෙන්තොට ගාමිණී ජාතික පාසල අතර තරගය පැලවත්තේදී
■ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය (බී) සහ කොළඹ කේරි විද්‍යාලය අතර තරගය කොළශ ශා. ජෝශප් පිටියේදී
■ කෑගලු විද්‍යාලය සහ මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල අතර තරගය කෑගල්ලේදී
■ වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය සහ පානදුර රාජකීය විද්‍යාලය අතර තරගය වාද්දුවේදී
■ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය (බී) සහ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර තරගය ගල්කිස්සේදී
■ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය (බී) අතර තරගය කෝට්ටේදී
■ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය සහ මොරටුව මෙතෝදිස්ත උසස් පාසල අතර තරගය අම්බලන්ගොඩදී
■ පොළොන්නරුව රාජකීය විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය (බී) අතර තරගය පොළොන්නරුවේදී
■ කොළඹ රාජකීය විද්‍යාලය (බී) සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය (බී) අතර තරගය කොළඹ රාජකීය පිටියේදී
■ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය (බී) අතර තරගය අනුරාධපුරයේදී
■ දෙබරවැව ජාතික පාසල සහ පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය අතර තරගය දෙබරවැවදී
■ කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය (බී) අතර තරගය කුරුණෑගලදී
■ කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලය සහ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය කෝට්ටේදී
■ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය මධ්‍ය විද්‍යාලය අතර තරගය තෝලංගමුවේදී
■ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය (බී) සහ හුංගම විජයබා ජාතික පාසල අතර තරගය මොරටුවේදී
■ කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය සහ හොරණ ශ්‍රීපාලී විද්‍යාලය අතර තරගය කුරුණෑගලදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.