Last Update  :  2025-07-08 14:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කණ්ඩායම් 32ක් දෙවැනි වටයට
අවුරුදු 15 න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට්

කණ්ඩායම් 32ක් දෙවැනි වටයට

editorial - 2025 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ දෙවැනි  කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී තරග වැදුණු පාසල් කණ්ඩායම් 84 ක් අතුරින් කණ්ඩායම් 32ක් දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ.

පාසල් කණ්ඩායම් 84ක් කාණ්ඩ 14ක් යටතේ ලීග් ක්‍රමයට පැවැති තරගාවලියේ පළමු වටයේදී තරග වැදුණු අතර,  එහිදී දස්කම් දැක්වූ කණ්ඩායම් 32 දෙවැනි වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග වදිනු ඇත.

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල, කොළඹ සහිරා විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය (බී), කෝට්ටේ ජනාධිපති විද්‍යාලය (බී), හේනේගම මධ්‍ය විද්‍යාලය, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය, වත්තල ශාන්ත ජෝශප් විද්‍යාලය, මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය (බී), යාපනය හින්දු විද්‍යාලය, බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය පළමු වටයේ දී තම කාණ්ඩයන්හි ශූරයින් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලදහ.

පසුගිය වසරේ තෙවැනි කොටසේ තරගාවලියේ ශූරයින් වී මෙවර දෙවැනි කොටසට උසස්වීම් ලැබූ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය තම කාණ්ඩයේ ශූරයින් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලැබීම කැපී පෙනේ.


දෙවැනි වටයේ තරග පැවැත්වෙන ආකාරය
■ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය කොළඹදී
■ මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ හොරණ ශ්‍රීපාලී විද්‍යාලය අතර තරගය මහනුවරදී
■ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ මොණරාගල රාජකීය විද්‍යාලය අතර තරගය බණ්ඩාරවෙලදී
■ කොළඹ රාජකීය විද්‍යාලය (බී) පිල සහ කොළඹ ඉසිපතන විද්‍යාලය (බී) පිල අතර තරගය රීඩ් මාවතේදී
■ වත්තල ශාන්ත ජෝශප් විද්‍යාලය සහ කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය අතර තරගය වත්තලදී
■ යාපනය හින්දු විද්‍යාලය සහ හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය යාපනයේදී
■ මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ පාසල සහ පන්නල ජාතික පාසල අතර තරගය මහනුවරදී
■ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය (බී) අතර තරගය කිරිඳිවැලදී
■ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය  (බී) පිල සහ කොළඹ නාලන්දා විද්‍යාලය (බී) පිල අතර තරගය කෝට්ටේදී
■ කොළඹ සහිරා විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය (බී) අතර තරගය කොළඹදී
■ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය සහ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය අතර තරගය ඇඹිලිපිටියේදී
■ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය  සහ කොළඹ මහානාම විද්‍යාලය (බී) අතර තරගය  හෝමාගමදී
■ ගම්පොල වික්‍රමබාහු ජාතික පාසල සහ හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය ගම්පොලදී
■ මහනුවර ධර්මරාජ විද්‍යාලය (බී) සහ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය  අතර තරගය මහනුවර ලේක් වීව්හිදී
■ කොච්චිකඩේ ලොයෝලා විද්‍යාලය සහ මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. මීගමුව කන්නංගර මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය මතුගමදී
■ බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය බලපිටියේදී


අදහස් (0)

කණ්ඩායම් 32ක් දෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.