Last Update  :  2025-07-08 14:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කණ්ඩායම් 32ක් දෙවැනි වටයට
17 න් පහළ පළමු කොටසේ ක්‍රිකට්

කණ්ඩායම් 32ක් දෙවැනි වටයට

editorial - 2025 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී තරග වැදුණු පාසල් කණ්ඩායම් 72 ක් අතුරින් කණ්ඩායම් 32ක් දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ.

පාසල් කණ්ඩායම් 72ක් කාණ්ඩ 12ක් යටතේ ලීග් ක්‍රමයට පැවැති තරගාවලියේ පළමු වටයේදී තරග වැදුණු අතර,  එහිදී දස්කම් දැක්වූ කණ්ඩායම් 32 දෙවැනි වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග වදිනු ඇත.

පසුගිය වර ශූර කොළඹ රාජකීය විද්‍යාලය මෙවර තරගාවලියේ පළමු වටයේදී තම කාණ්ඩයේ ශූරයින් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලැබීය. පසුගිය තරගවාරයේ අනු ශූරයින් වූ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය දෙවැනි වටයට සුදුසුකම් ලැබුයේ තම කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්වෙමිනි.

ගාල්ල මහින්ද විද්‍යාලය, මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, මාරිස්ටෙලා විද්‍යාලය, තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය පළමු වටයේදී තම කාණ්ඩයන්හි ශූරයින් වෙමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්හ. 

රත්ගම දේවපතිරාජ විද්‍යාලය, ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය, යාපනය හින්දු විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය යන පාසල් පළමු වටයේ දී ඔවුන්ගේ කාණ්ඩයේ අනුශූරතා කණ්ඩායම් ලෙස දෙවන වටයට පිවිසියේය.


දෙවැනි වටයේ තරග පැවැත්වෙන ආකාරය
■ ගාල්ල මහින්ද විද්‍යාලය සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය  ගාල්ලේදී
■ කොළඹ මහානාම විද්‍යාලය සහ සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය කොළඹදී
■ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අතර තරගය කොළඹදී
■ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය පන්නිපිටියේදී
■ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය අතර තරගය මහනුවරදී
■ කොළඹ රාජකීය විද්‍යාලය සහ කළුතර සිරිකුරුස විද්‍යාලය අතර තරගය කොළඹ රීඩ් මාවතේදී
■ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය මොරටුවේදී
■ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගය කටුගස්තොටදී
■ තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය  සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය තිඹිරිගස්කටුවේදී
■ කොළඹ නාලන්දා විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අතර තරගය කොළඹ නාලන්දා පිටියේදී
■ මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය මහනුවරදී
■ කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය කොළඹදී
■ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලය අතර තරගය මහනුවරදී
■ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර තරගය කොටහේනේදී
■ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය අතර තරගය මොරටුවේදී
■ මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර තරගය මාතරදී


අදහස් (0)

කණ්ඩායම් 32ක් දෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.