Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී තරග වැදුණු පාසල් කණ්ඩායම් 84 ක් අතුරින් කණ්ඩායම් 32ක් දෙවැනි වටයට සුදුසුකම් ලබා සිටිති.
තරගාවලියේ පළමු වටයේදී පාසල් කණ්ඩායම් 84 ක් කාණ්ඩ 14ක් යටතේ තරග වැදුණු අතර, ලීග් ක්‍රමයට පැවැති අතර, එහිදී දස්කම් දැක්වූ කණ්ඩායම් 32 දෙවැනි වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග වදිනු ඇත.
වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය, කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය, කඳාන දි මැසිනෝද් විද්‍යාලය, රද්දොළුව ශ්‍රී ප්‍රඥානන්ද මහා විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය, මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය, රත්ගම දේවපතිරාජ විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය සහ මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය පලමු වටයේදී දස්කම් දක්වමින් තම කාණ්ඩයේ ශූරයින් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ
දෙවැනි වටයේ තරග පැවැත්වෙන ආකාරය
■ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය වත්තලදී
■ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය අතර තරගය මිගමුවේදී
■ ගාල්ල මහින්ද විද්‍යාලය සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය ගාල්ලේදී
■ කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය කොළඹදී
■ රද්දොළුව ශ්‍රී ප්‍රඥානන්ද මහා විද්‍යාලය සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය අතර තරගය රද්දොළුවේදී
■ වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය වාද්දුවේදී
■ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය සහ හලාවත ශාන්ත මරියා විද්‍යාලය අතර තරගය කුරුණෑගලදී
■ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය කොළඹදී
■ කොළඹ මහානාම විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර තරගය කොළඹදී
■ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර තරගය කොටහේනේදී
■ මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය මාතරදී
■ කඳාන දි මැසිනෝද් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය කඳානේදී
■ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගය කටුගස්තොටදී
■ මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කෑගල්ල ශාන්ත මරියා, විද්‍යාලය අතර තරගය මහනුවරදී
■ කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර තරගය කොළඹදී
■ රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර තරගය රත්ගමදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.