Last Update  :  2025-07-07 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කණ්ඩායම් ලියාපදිංචිය 6 දා සිට

කණ්ඩායම් ලියාපදිංචිය 6 දා සිට

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වයස 15 න් පහළ සහ 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලිවලට සහභාගි වන පාසල් කණ්ඩායම් ලියාපදිංචි කිරීම මේ මස 6 වැනිදා ආරම්භ වන බව පාසල් ක‍්‍රිකට් සංගමය නිවේදනය කරයි.

සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 13 කදී කණ්ඩායම් ලියාපදිංචි කරන අතර එය මේ මස 18 වැනිදා අවසන් වීමට නියමිතය. මෙම තරගාවලි දෙකම මේ මස අගදී ආරම්භ වේ.

පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් කපිල ජයලත් මහතා පැවසුවේ ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථාන පිහිටි ස්ථානවලට අයත් නොවන දිස්ත‍්‍රික්කවල පාසල් මීට පෙර ලියාපදිංචි කළ ආකාරයට ආසන්නතම මධ්‍යස්ථානයට පැමිණිය යුතු බවයි.

”කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පාසල් මහනුවර, කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත‍්‍රික්ක තුනේදීම ලියාපදිංචි වෙනවා. ඒ වගේම හම්බන්තොට පාසල් මාතරට එනවා” යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

මේ පිළිබඳ වැඩි විස්තර පාසල් කි‍්‍රකට් සංගමයේ ලේකම්වරයා සම්බන්ධකර ගැනීමෙන් ලබාගත හැකිය.


පාසල් කණ්ඩායම් ලියාපදිංචි කිරීමේ කාලසටහන

දිස්ත‍්‍රික්කය ස්ථානය දිනය  වේලාව
කුරුණෑගල මලියදේව විදුහල 06 වැනිදා පෙ.ව. 9.00 සිට 12.00
අනුරාධපුර  හබරණ ඉසුරු පාසල 06 වැනිදා ප.ව. 3.30 සිට 5.30
වව්නියාව වව්නියාව දෙමළ ම.ම.වි. 07 වැනිදා පෙ.ව. 9.30 සිට 12.00
මහනුවර ත‍්‍රිත්ව විදුහල 08 වැනිදා පෙ.ව. 9.30 සිට 12.00
ගම්පහ ගම්පහ බණ්ඩාරනායක විදුහල 11 වැනිදා පෙ.ව. 10.00 සිට 12.00
ගම්පහ මීගමුව මාරිස්ටෙලා විදුහල 11 වැනිදා ප.ව. 3.30 සිට 5.00
මාතර  උයන්වත්ත ක‍්‍රීඩාංගණය 12 වැනිදා පෙ.ව. 10.00 සිට 12.00
ගාල්ල ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණය 12 වැනිදා ප.ව. 3.30 සිට 5.30
රත්නපුර රත්නපුර ගෘහස්ථ ක‍්‍රීඩාංගණය 13 වැනිදා පෙ.ව. 10.00 සිට 12.00
බදුල්ල බණ්ඩාරවෙල ශා. ජෝශප් විදුහල 14 වැනිදා පෙ.ව. 10.00 සිට 12.00
මොනරාගල මල්වත්තාවල ම.ම.වි.  15 වැනිදා පෙ.ව. 9.30 සිට 12.00
කළුතර සිරිකුරුස විදුහල 16 වැනිදා ප.ව. 3.00 සිට 5.00
කොළඹ ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානය 11 සිට 13 ප.ව. 1.00 සිට 5.00
කොළඹ  ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානය 16 සිට 18 ප.ව. 1.00 සිට 5.00

 

- 048 


අදහස් (0)

කණ්ඩායම් ලියාපදිංචිය 6 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.