Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කණ්ඩායම් ලියාපදිංචිය ඇරඹෙයි

කණ්ඩායම් ලියාපදිංචිය ඇරඹෙයි

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ සහ 17 න් පහළ කි‍්‍රකට් තරගාවලි සඳහා කණ්ඩායම් ඇතුළත්කර ගැනීම මේ මස 24 වැනිදා ආරම්භ වේ.

වයස 15 න් පහළ තරගාවලිය මෙන්ම 17 න් පහළ තරගාවලියද I, II සහ III ලෙස කාණ්ඩ 3 ක් යටතේ පැවැත්වේ.

මෙම වයස් කාණ්ඩ දෙකේම I සහ II කාණ්ඩ සඳහා කණ්ඩායම් ඇතුළත්කර ගැනීම මැයි මස 10 වැනිදා අවසන් වන අතර III කාණ්ඩය සඳහා කණ්ඩායම් ඇතුළත්කර ගැනීම මැයි මස 15 වැනිදා අවසන් කෙරේ.

වයස 17 න් පහළ තරගාවලියේ I සහ II කාණ්ඩයන්ගේ තරග මැයි මස 10 වැනිදා ආරම්භ වන අතර වයස 15 න් පහළ තරගාවලියේ I සහ II කාණ්ඩයන්ගේ තරග මැයි මස 15 වැනිදා ආරම්භ වේ. 17 න් පහළ සහ 15 න් පහළ වයස් කාණ්ඩ දෙකේම III කාණ්ඩයේ තරග ආරම්භ වන්නේ මැයි මස 13 වැනිදා සිටය.

තරගාවලි සම්බන්ධයෙන් වැඩි විස්තර 0777 280968 (වයස 17 න් පහළ තරගාවලි ලේකම් වසන්ත හපුතන්ති‍්‍ර) සහ 071 8065291 (වයස 15 න් පහළ තරගාවලි ලේකම් නිෂාන්ත කුමාර) යන දුරකථන අංක ඇමතීමෙන් දැනගත හැකිය.

කණ්ඩායම් ලියාපදිංචි කරන ස්ථාන
අපේ‍්‍රල් 24 දා - උදෑසන - කුරුණෑගල මලියදේව විදුහල
අපේ‍්‍රල් 24 දා - සවස - හබරන ඉසුරු විද්‍යාලය
අපේ‍්‍රල් 25 දා - උදෑසන - වව්නියාව දෙමළ මැදි විදුහල
අපේ‍්‍රල් 26 දා - උදෑසන - මහනුවර ති‍්‍රත්ව විදුහල
අපේ‍්‍රල් 28 දා - සවස -කළුතර සිරිකුරුස විදුහල සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය  
අපේ‍්‍රල් 29 දා - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය  
අපේ‍්‍රල් 30 දා - උදෑසන -මීගමුව මාරිස්ටෙලා විදුහල සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය  
අපේ‍්‍රල් 30 දා - සවස -ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය  
මැයි 5 දා - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය  
මැයි 6 දා - උදෑසන -මාතර උයන්වත්ත විදුහල සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය  
මැයි 6 දා - සවස -ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය  
මැයි 7 දා - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය  
මැයි 8 දා - උදෑසන -රත්නපුර ගෘහස්ථ කි‍්‍රකට් කී‍්‍රඩාංගණය සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය  
මැයි 9 දා - උදෑසන -බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විදුහල සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය  
මැයි 10 දා - උදෑසන - වැල්ලවාය මල්ලත්තාවල ජාතික පාසල සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය  

036


අදහස් (0)

කණ්ඩායම් ලියාපදිංචිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.