Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කඩුවෙල පාපැදි තරගය 28 දා

කඩුවෙල පාපැදි තරගය 28 දා

Nisanka Sandeepani - 2018 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කඩුවෙල එකමුතු තරුණ සංවිධාන විසින් 7 වැනි වරටත් සංවිධානය කරන විවෘත (ස්ටෑන්ඩඞ්) පාපැදි තරගය දෙසැම්බර් 28 වැනිදා (හෙට) පෙ.ව 8.00ට කඩුවෙලින් ආරම්භ වේ. 

මෙම තරගය කඩුවෙල විහාර මාවතෙන් අරම්භ වී මාලබේ, අතුරුගිරිය, ගොඩගම, පහත්ගම, කොස්ගම, අවිස්සාවේල්ල හරහා රත්නපුරයට ගොස් නැවත එම මාර්ගයේම පැමිණ අවිස්සාවේල්ල, හංවැල්ල, නවගමුව හරහා කඩුවෙල  විහාර මාවතෙන් අවසන් වේ. තරගයේ සම්පුර්ණ දුර ප්‍රමාණය කි.මි 150 කි. 

තරගයේ ජයග්‍රාහකයාට මුදලින් රු 80,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. දෙවැනි ස්ථානය හිමිකරගන්නා ක්‍රීඩකයාට රු 60,000 ක මුදල් ත්‍යාගයක්ද  තෙවැනි ස්ථානය හිමිකරගන්නා ක්‍රීඩකයාට රුපියල් 40,000 ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමේ. 

දුරකතන අංක 0773496048 ඔස්සේ චමින්ද ප්‍රසාද් මහතා ඇමතීමෙන් හෝ දුරකතන අංක 0773951577 ඔස්සේ තරගයේ ප්‍රධාන සංවිධායක ලලිත් කොළඹගේ මහතා ඇමතීමෙන් තරගය සම්බන්ධ වැඩි විස්තර ලබාගත හැකිය. 

 


අදහස් (0)

කඩුවෙල පාපැදි තරගය 28 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.