Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕල්කට් පාසල් කි‍්‍රකට් තරගාවලිය 30 දා සිට

ඕල්කට් පාසල් කි‍්‍රකට් තරගාවලිය 30 දා සිට

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රීමත් හෙන්රි ස්ටිල්  ඕල්කට් තුමන් විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම බෞද්ධ පාසල් අතර 14 වැනි වාර්ෂික ක‍්‍රිකට් තරගාවලිය මේ මස 30 වැනිදා සිට දෙසැම්බර් මස 2 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලියට කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ, කුරුණෑගල මලියදේව, ගාල්ල මහින්ද, අම්බලන්ගොඩ ධර්මාශෝක, කොළඹ නාලන්දා, මාතර රාහුල සහ පන්නිපිටිය ධර්මපාල යන විදුහල් අටේ ආදි ශිෂ්‍ය කණ්ඩායම් සහ වර්තමාන කණ්ඩායම් සහභාගි වෙති.

වයස 40 ට වැඩි ඉනිමක්  ඕවර 12 කින් යුත් ආදි ශිෂ්‍ය තරගාවලිය පළමු දින දෙකේදී පැවැත්වෙන අතර දෙසැම්බර් 2 වැනිදා වර්තමාන ශිෂ්‍ය කණ්ඩායම් අතර සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය පැවැත්වේ.

මෙම තරගාවලිය මෙහි සාමාජිකත්වය දරණ පාසල් වසරින් වසර සංවිධානය කරන අතර මෙවර තරගාවලිය මහනුවර ධර්මරාජ විදුහල් ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරයි. ධර්මරාජ විදුහල මීට පෙර 2005 වසරේ අස්ගිරිය ක‍්‍රීඩාංගණයේදී තරගාවලිය පවත්වා තිබේ.

පසුගිය වසරේ මාතර රාහුල විදුහලේ සංවිධානයෙන් මාතරදී තරගාවලිය පැවැත්විණි. එහිදී මහින්ද විදුහල ආදි ශිෂ්‍ය ශූරතාව දිනූ අතර රාහුල විදුහල් පිල වර්තමාන සිසු තරගාවලියේ ශූරයන් බවට පත්විය.

මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම්වලට ශ්‍රී ලංකා පිලේ හිටපු කී‍්‍රඩකයන් වන අර්ජුන රණතුංග, සිදත් වෙත්තමුණි, අවිෂ්ක ගුණවර්ධන, සංජීව රණතුංග (ආනන්ද විදුහල), රොෂාන් මහානාම, කුමාර ධර්මසේන (නාලන්දා විදුහල* සහ උපුල් චන්දන (ගාල්ල මහින්ද) ඇතුළු ප‍්‍රබල ක‍්‍රීඩකයෝ රැසක් නම් කර සිටිති.

ශ්‍රීමත් හෙන්රි ස්ටිල්  ඕල්කට් තුමන් විසින් ආරම්භ කරන ලද පාසල් ආදි ශිෂ්‍ය එකමුතුවේ සභාපති පාලිත ගුණසේකර මහතා පැවසුවේ  ඕල්කට් තුමන් ආරම්භ කළ සෙසු පාසල් ද තම සංගමයට එකතු කර ගැනීමේ සැළැස්මක් ක‍්‍රියාත්මක කරන බවයි.

‘‘කාන්තා ක‍්‍රිකට් ශ්‍රී ලංකාවේ මේ වන විට දියුණුවට පත්ව තිබෙනවා. ඒ නිසා  ඕල්කට් තුමන් ආරම්භ කළ බාලිකා පාසල් ද සම්බන්ධ කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා’’ යැයි ගුණසේකර මහතා වැඩි දුරටත් පැවසීය.

මෙවර තරගාවලියට ‘සිංගර්’ ශ්‍රී ලංකා සමාගම අනුග‍්‍රහය දක්වයි.

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ණය අධ්‍යක්‍ෂ ජනක මෙන්ඩිස් මහතා විසින් ධර්මරාජ විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ සභාපති චන්දන ඒකනායක මහතාට අනුග‍්‍රහක චෙක්පත නිලවශයෙන් පිරිනමන ලද අවස්ථාව. 


අදහස් (1)

ඕල්කට් පාසල් කි‍්‍රකට් තරගාවලිය 30 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.