Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔලිම්පික් කමිටුවේ නිලධාරී මණ්ඩලය කැඳවයි

ඔලිම්පික් කමිටුවේ නිලධාරී මණ්ඩලය කැඳවයි

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරි මණ්ඩලයේ හමුවක් අනිද්දා (18) පස්වරු 4ට කමිටු ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. වසර 2009 සිට 2016 දක්වා වන එහි නිල කාල සීමාවන් දෙකකට අයත් ගිණුම් වාර්තා සභාගත කර ගැනීම සූදානම් කිරීම සඳහා එදින පැවැත්වෙන සාකච්ඡාවට  නිලධාරි මණ්ඩලය කැඳවා ඇතැයි ද වාර්තා වේ.

ඒ එළඹෙන පෙබරවාරි 23 වැනිදා නිලවරණයට සමගාමීව පැවැත්වෙන මහ සභා රැස්වීමේදී එම ගිණුම් වාර්තා සභාගත කර ගැනීමේ අභිප්‍රායෙනි.

කෙසේ වුවත් පරිපාලන අර්බුද හමුවේ මේ වනවිට දෙපාර්ශ්වයකට බෙදී සිටින ඔලිම්පික් කමිටුවේ නිලධාරි මණ්ඩලයේ එම හමුවේ සාර්ථකත්වය පිළිබඳ මේ වනවිට සැක පහළ වී තිබෙන බව ද ඔලිම්පික් කමිටු ආරංචිමාර්ග සඳහන් කරයි.

ඔලිම්පික් කමිටුවේ නිලධාරි මණ්ඩලය 12 දෙනෙකි. සභාපති හේමසිරි ප්‍රනාන්දු, ලේකම් මැක්ස්වල් ද සිල්වා, භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ, උප සභාපතිවරු (6) වන වත්මන් රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා, මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, දේවා හෙන්රි, මනිලාල් ප්‍රනාන්දු, ඩයන් ගෝමස්, ජෝශප් කෙනී, උපලේකම්වරු (2) වන නිශාන්ත පියසේන, සුසිල් රණසිංහ හා උප භාණ්ඩාගාරික චන්දන පෙරේරා යන මහත්වරු එහි නිලධාරීහු වෙති.

 පාපන්දු පරිපාලනයේ දැනට ඉවත්ව සිටින මනිලාල් ප්‍රනාන්දු මහතා පසු කාලයේ ඔලිම්පික් කමිටුවේ රැස්වීම්වලට සහභාගි නොවීය. ඒ අතර වසර 2012 සිට 2016 දක්වා වන කාලසීමාවේ ගිණුම් වාර්තා විගණනය සඳහා මේ වනවිට රජයේ විගණකාධිපතිවරයා වෙත යොමු කර තිබේ.


අදහස් (0)

ඔලිම්පික් කමිටුවේ නිලධාරී මණ්ඩලය කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.