Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඒස් සභාපති නිමල්සිරිට වසර හතරක තහනමක්

ඒස් සභාපති නිමල්සිරිට වසර හතරක තහනමක්

editorial - 2024 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ උප සභාපති  සහ එහි තාක්ෂණික කමිටුවේ සභාපති ජී.එල්.එස්.පෙරේරා මහතාට එම ආයතනය තුළදීම පහරදී ඔහුට මානසික චිත්ත පීඩා ඈති කළ බවට චෝදනා ලැබූ මලල ක්‍රීඩා ආයතනයේ හිටපු උප සභාපතිවරයෙකු  මෙන්ම එහි හිටපු භාණ්ඩාගාරිකවරයෙකු ද වන එච්. ඩබ්ලිව්. නිමල්සිරි මහතාට වසර හතරක තහනමක් පැනවීමට මලල ක්‍රීඩා ආයතනය තීරණය කර තිබේ. ඊට අමතරව ඔහු විසින් දරනු ලබන මලල ක්‍රීඩා තනතුරු සියල්ලෙන්ම නෙරපා හරිනු ලැබ තිබේ. 

තහනමට ලක්වූ නිමල්සිරි මහතා කොළඹ දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ධූරය හෙබවීමට අමතරව ‘ඒස්‘ මලල ක්‍රීඩා සමාජයේ සභාපතිවරයාද ලෙසින් ද කටයුතු කළේය. 

ජී.එල්.එස්. පෙරේරා මහතාට පහරදීම  සම්බන්ධයෙන් විශේෂ දිවි පුද්ගල කමිටුවක් විසින් පවත්වන ලද විමර්ශනයේ වාර්තාව පදනම් කර ගනිමින් නිමල්සිරි මහතාට මෙම තහනම පනවා තිබේ.  මෙම තහනම පසුගිය ඔක්තෝබර් 9 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමට මලල  ක්‍රීඩා ආයතනය තිරණය කර තිබේ.

විශ්‍රාමලත් දිසා විනිසුරු උපාලි සමරවීර මහතා සහ විශ්‍රාමලත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් පද්මජිනා සිරිවර්ධන මහත්මිය විමර්ශන කමිටුවේ සාමාජිකයෝ වූහ. 

නිමල්සිරි මහතාට මලල ක්‍රීඩා තනතුරු දැරීමේ ජීවිතාන්තය දක්වා වන තහනමක් විමර්ශන කමිටුව විසින්  නිර්දේශ කර තිබේ. කෙසේවූවත්  එය වසර හතරකට ළිහිල් කරමින් ක්‍රියාත්මක කිරීමට මලල  ක්‍රීඩා ආයතනයේ කවුන්සිල රැස්වීමේදී හා විධායක සහාවේදී අනුමැතිය ලැබී  තිබේ.

තරගාවලි සදහා මලල ක්‍රීඩා විනිසුරුවන් හා තීරකවරුන් නිර්දේශ  කිරීමේ තීරණ සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් කෝපයට පත්ව නිමල්සිරි මහතා තමන්ට පහර දුන් බවට ජී. එල්. එස්. පෙරේරා මහතා මලල ක්‍රීඩා ආයතනයට කළ පැමිණිල්ලේ සදහන් වේ.

විමර්ශන කමිටුව සිය වාර්තාවෙන් කියා ඇත්තේ අපරාධ නීති සංග්‍රාහය හා ආයතන නීති සංග්‍රාහය යටතේ තමන් විමර්ශනය සිදු කළ බවයි. එහිදී නිමල්සිරි මහතාට එරෙහිව චෝදනා 11 ක් මුල් කර ගනිමින් කමිටුව විමර්ශනය  කර තිබේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කෙෂ්ත්‍රයේ  ජ්‍යෙෂ්ඨතම මලල ක්‍රීඩා පරිපාලන නිලධාරියෙකු මෙන්ම ජාතික මලල ක්‍රීඩා විනිසුරුවරයෙකුද වන නිමල්සිරි මහතා  මලල ක්‍රීඩා තනතුරු රැසක් දැරූවෙකි. ජාත්‍යන්තර තරග සංචාර රැසකදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම්හි කළමනාකරු වශයෙන් ද කටයුතු කර ඇති නිමල්සිරි මහතා 2018 ගෝල්ඩ්කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී  ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු ධූරයද දැරීය.


අදහස් (0)

ඒස් සභාපති නිමල්සිරිට වසර හතරක තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.