ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ මඟපෙන්වීම යටතේ සිංහල කී‍්‍රඩා සමාජය සංවිධානය කරන විවෘත ශ්‍රේණිගත කිරීමේ ස්කෝෂ් තරගාවලිය මේ මස 6 වැනිදා සිට 12 වැනිදා දක්වා එස්. එස්. සී. ස්කොෂ් කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වේ.
විවෘත පිරිමි සහ විවෘත කාන්තා ඉසව් වලට අමතරව මෙහිදී බාලක/බාලිකා වයස 19 න් පහළ, 17 න් පහළ, 15 න් පහළ, 13 න් පහළ, 11 න් පහළ, 9 න් පහළ සහ ප‍්‍රවීන පිරිමි වයස 35 ට වැඩි, 45 ට වැඩි යන වයස් කාණ්ඩ වෙනුවෙන් තරග ඉසව් පැවැත්වේ.
තවද මෙම තරගාවලියේදී වයස 15 න් පහළ බාලක/බාලිකා ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් වෙනුවෙන් ආධුනික ඉසව්වක් සහ පිරිමි විවෘත පළඟ ඉසව්වක් පැවැත්වීමටද සංවිධායකයන් පියවර ගෙන තිබේ.
තරගාවලියේ ජයග‍්‍රාහකයන්ට සහතික පත්, කුසලාන සහ මුදල් ත්‍යාග පිරිනැමීමට සිංහල කී‍්‍රඩා සමාජය සූදානමින් සිටියි.
මේ මස 2 වැනිදායින් අයැදුම් පත් භාරගැනීම අවසන් වන අතර තරගාවලියට සහභාගී වීමට අවශ්‍ය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට, ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ ලේකම් වරයාට හෝ සිංහල කී‍්‍රඩා සමාජයට තම අයැදුම්පත් ගෙනවිත් භාරදිය හැකිය.
තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 12 වැනිදා පස්වරු 5.00 ට ආරම්භ වන අතර ජය සංඛේත ප‍්‍රදානෝත්සවය පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිත. සිංහල කී‍්‍රඩා සමාජයේ වත්මන් සභාපති ටොමි එල්ලාවල මහතා ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.